ඕමානයේ රැකියා කරන ලාංකිකයන්ට වැදගත් ආරංචියක්

ඕමානයේ මස්කට් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ඍජු ගුවන් ගමන් සේවයක් ආරම්භ කළ සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් ගමන් සිදු කරමින් ප්‍රථම ගුවන් යානය  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළගා විය.

ගුවන් නියමු කපිතාන් මොහොමඩ්  අහමඩ් මහතා විසින් යානය  පදවාගෙන පැමිණි අතර, එහි මගීන් 86 දෙනෙකු සහ 07 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් ද පැමිණ තිබුණි.

ගුවන් ගමන සදහා ඒ – 320 නියෝ වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ඕ.වී.- 431 දරණ ගුවන් ගමන් අංකය යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් ගමන් සේවාව සතියේ සෑම සදුදා , බදාදා , සිකුරාදා සහ ඉරිදා යන දින වල උදෑසන 8.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , යළි එම දින වලම උදෑසන 9.10 ඕමානයේ මස්කට් බලා පිටත්ව යෑමට නියමිතය.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435