ඕමානයේ රැඳී සිටි 288ක් යළි දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.30 ට ඕමානයේ මස්කට් නුවර ගුවන් තොටුපළෙන් පිටත් වී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණීමෙන් පසු, පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කර ඇති බව අප වාර්තාකරු පවසයි.

මේ අතර ඊයේ (28) දින රාත්‍රී 9.30ට හොංකොං හි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435