ඕමානය වැට් බදු අයකිරීම ගැන පැහදිලි තීරණයක් ගනියි

එකතුකළ අගය මත බද්ද හෙවත් වැට් බදු අය කිරීම සම්බන්ධයෙන් ඕමාන් රජය විසින් පැහැදිලි තීරණයකට එළැඹ තිබෙන බව වාර්තා වේ.

ඕමාන් මුදල් අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ වැට් බදු අය කිරීම කල් දැමීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

එමෙන්ම වැට් අය කිරීම ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ගිවිසුමට අනුව ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා අදාල නීතිමය ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඕමාන් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

තවද ඕමාන් බදු අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ දැනට ප්බදු අය කිරීමට අදාල පරිපාලන සහ තාක්ෂණික කටයුතු අවසන්කර තිබෙන බවත් එය සුදුසු කාලයේදී කල් දැමීමකින් තොරව ක්‍රියාත්මක කරන බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435