ඕමාන් රජයේ මගී පරීක්ෂාවට නවීන අධි තාක්ෂණය යොදයි

නියමු ව්‍යාපෘතියක අංගයක් ලෙස ඕමාන් රජය සිය අභ්‍යන්තර ගුවන් ගමන් වලට අදාළව ගුවන්තොටුපළවල  උසස් අධි තාක්‍ෂණික මගී පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

නවීන තාක්ෂණයෙන් මුහුණු  තහවුරු කර ගැනීම සහ ඇස් පරීක්ෂා කිරීම ඇතුළත් රජයේ මෙම වැඩසටහන ඕමාන රජයේ ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය අහමඩ් බින් මොහොමඩ් අල් ෆුතයිසි විසින් අනාවරණය කරන ලදැයි ජීඩීඑන් ඔන්ලයින් පුවත් උපුටා දක්වයි.

විනෝදාත්මක සංචාරක මධ්‍යස්ථානයක් සඳහා වන ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස මස්කට් නගරයෙහි පැරණි ගුවන් තොටුපළ සංවර්ධනය කරන බව ඔහු පෙන්වාදී තිබේ.

ඕමානයේ වරාය, ගුවන්තොටුපල සහ සැපයුම් අංශ ගෝලීය තරඟයට මුහුණදීමට  සූදානම් බව ඔහු අවධාරණය කර ඇත.

මත්ස්‍ය වෙළෙඳාම හා ඖෂධ වැනි විශේෂ පාරිභෝගික  භාණ්ඩ ආනයනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික නිදහස් කලාපයක් රජය විසින් ඉදිරියේදී පිටිහුවීමට අපෙක්ෂා කරන බවත්, මෙම ද්‍රව්‍ය  ප්‍රති අපනයනය කිරීමට එහිදී ඉඩ ප්‍රස්ථාව විවර වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. (ඡායා රූ අයිතිය- ඕමාන් ඔබ්සර්වර්)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435