ඕමාන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයෙන් සේවායෝජකයිට රතු එළියක්

සේවකයින් දහවල් කාලයේ සේවයේ යොදවානොගන්නා ලෙස ඕමානයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් නිවේදනයක්ද නිකුත්කරමින් සේවායෝජකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

සෑම වර්ෂයකම ජූනි, ජූලි හා අගෝස්තු මාසවල ඕමානයට බලපාන තද හිරු රශ්මිය නිසා සේවකයින් දහවල් කාලයේ සේවයේ යෙදවීම සාමාන්‍යයෙන් තහනම් කිරීමක් කරන අතර මේ වසරේදීද එම තහනම සිහිපත්කරමින් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සේවායෝජකයන්ට මෙලෙස සිහිපත්කිරීමක් කර තිබේ.

ජුනි 01 දින සිට අදාල තහනම ක්‍රියාත්මක වන අතර ප.ව 12.30 සිට ප.ව 3.30 දක්වා අතර කාලයේ සේවකයන් සේවය නොකළ යුතු අතර පනවා ඇති නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් අදාල නිවේදනයේ සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435