ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඖෂධයක් ගැන අනතුරු හැඟවීමක්!

ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් එරට වෙළෙඳපොළ තුළ විකිණීම ඇති ආම්ලිකතාවය හා ආමාංශයේ තුවාල සඳහා භාවිතා කරන Zantac medicine නම් ඖෂධය භාවිතය සම්බන්ධයෙන් අනතුරු හැඟවීමක් නිකුත්කොට තිබේ.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ අධිකාරිය විසින් මෙම බෙහෙත් නිෂ්පාදනයේ පිළිකාකාරක ද්‍රව්‍ය අන්තර්ගතව ඇති බවට අනතුරු හැඟවීමක් කිරීමත් සමඟ ඕමාන් ඖෂධ බලධාරීන්ද මෙලෙස අනතුරු හැඟවීම නිකුත්කොට ඇත.

කෙසේ වෙත්ත ඕමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශ හා අනිකුත් ගල්ෆ් රටවල සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම ඖෂධයේ පිළිකාකාරක සංඝටක තිබේදැයි වැඩිදුර පරීක්ෂණ ආරම්භකර තිබෙන අතර ඊට අදාල නිවැරදි පරීක්ෂණ වාර්තාවක් කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් සඳහන්.

නිසි නිගමනයකට එනතෙක් මෙම ඖෂධය භාවිතයෙන් වැළකීසිටීම නුවණට හුරු කාරණයක් වන බවයි ඕමාන් සෞඛ්‍ය බලධාරීන් එරට වෙසෙන සියළුම දෙනාට සිහිපත්කර දෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435