ඕමාන රජය සමාජ මාධ්‍ය හරහා ආයුර්වේද ඖෂධ අලෙවිය ගැන සෝදිසියෙන්

සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරනු ලබන ආයුර්වේද ඖෂධ  සහ සංයෝග මිලදී ගැනීමට එරෙහිව ඕමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්  අනතුරු අඟවා තිබේ.

“විශ්ලේෂණය කරන ලද මෙම නිෂ්පාදනවලින් බොහොමයක්  ප්‍රදර්ශිත සංරචකවල නොදැක්වෙන රසායනික ද්‍රව්‍ය අඩංගු බව පෙනී ගොස් ඇතැයි”  රජය විසින්  නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී ඇත.

සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන ලද අන්තර්ජාල වෙළඳාම තුළින් ආයුර්වේද ඖෂධ අලෙවියෙහි අනපේක්ෂිත වර්ධනයක් දැකීමෙන් අනතුරුව අමාත්‍යාංශය මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් ඕමාන් ඔබ්සර්වර් පුවත්පතට අනුව, එවැනි ව්‍යාජ නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට අනතුරු අඟවා තිබේ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435