ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ලාංකික යුවළක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටි අඹුසැමි යුවලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ සිට මෙරටට පැමිණීමේ දී ආගමන විගමන කාර්යාංශය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අනතුරුව ඔවුන් ගම්පහ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

63 හැවිරිදි ඔස්මන් ගුණසේකර නමැත්තා සහ ඔහුගේ 53 හැවිරිදි බිරිද මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

ජීව උණ්ඩ 46ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බව සදහන්.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ නැදගමුව කොටුගොඩ ප්‍රදේශයේදී පස් චමී නමැති අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු බවට ඔස්මන් ගුණසේකර නමැත්තා අවශ්‍යව සිටි බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435