ඕස්ට්‍රේලියාවේ සේවය කළ ලක් තරුණයෙකු අභිරහස් ලෙස මියයයි

ඕස්ට්‍රේලියාවේ සේවය කළ ලක් තරුණයෙකු අභිරහස් ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි ඕස්ට්‍රේලියාවේ රැකියාව සඳහා ගොස් සිටි කුමාර් බහිදරන් නැමති අවුරුදු 26ක තරුණයෙකි.

ඔහු පසුගිය 09 වෙනි දින උදෑසන මරණයට පත්ව තිබෙන අතර ඔහු නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී මලසිරුර පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ විමර්ශන මේවනවිට අරම්භකර ඇත.

මියගිය තරුණයා ඕස්ට්‍රේලියාවේ අවන්හලක සේවය කරමින් සිට තිබෙන අතර ඔහුගේ සහෝදරයෙක්ද ඕස්ට්‍රේලියාවේ සේවය කරමින් සිටින බවත් සඳහන්.

ඔහුගේ පවුලේ අය ප්‍රකාශකර ඇත්තේ අදාල තරුණයා ඕස්ට්‍රේලියාවේදී මරණයට පත්ව තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුනද මරණයට හේතුව හෝ වැඩි විස්තරයක් මේවනවිටත් තමන්ට නොලැබුණු බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435