කටාරයත් කොරෝනා නිසා බැට කයි – මෙන්න අලුත්ම තත්ත්වය

ලෝකයේම රටවල් රැසක සීඝ්‍රයෙන් ව්යාප්තවෙමින් පවතින කොරෝනා රසය මේව්න විට ජන ජීවිතයට දඩිලෙස බලපෑම් එල්ලකර තිබෙන බව නොරහසකි.

මැදපෙරදිග රටවල් ගත්කල එයින්ද රටවල් කිහිපයකින්ම කොරෝනා ආසාදිතයින් හමුවී තිබෙන අතර වෛරසය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින් ජීවිතක්ෂයටද පත්ව තිබේ‍ෛ

කටාර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා නිවේදනය කර තිබුණේ ගත වූ පැය 24 තුළ කෝවිඩ් 19 නව කොරෝනා වෛරසය ආසාදිතයින් සිව්දෙනෙකු හමුවූ බවත් ඒ අය සමඟ කටාරයේ සිටින කොරෝනා ආසාදිතයින් ගණන 07ක්දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අලුතින් හමුවූ ආසාදිතයින් සිව්දෙනාගෙන් දෙදෙනෙකු කටාර් ජාතිකයින් වන අතර අනෙක් දෙදෙනා එම අයත්සමඟ ඉරානය බලා ගොස් නැවත කටාරයට පැමිණි ගෘහ සේවිකාවන් වෙන බවයි තහවුරුකරගෙන ඇත්තේ.

ඔබත් කටාරයේ සේවය කරන අයෙක් නම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435