කටාරයෙන් 665ක් මෙරටට එන්න සුදානම්- විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිවේදනය මෙන්න

මේ වනවිට ෂීසෙල්ස්, මාලදිවයින සහ ක්වේට් යන රටවල සිටින නැවත සිය රට බලා යෑමට නොහැකිවීම පිළිබඳව කෝපයට පත් ශ්‍රී ලාංකිකයන්ගෙන් සිය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම සඳහා එම රටවල ශ්‍රී ලංකා තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවලට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.

විදේශීය දූත මණ්ඩලවලට මෙලෙස පීඩන එල්ලවී ඇති ස්ථානවලට ආරක්ෂාව සැපයීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගකිව යුතු බලධාරීන්ට දැනුම්දී ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් අදාළ රටවල ශ්‍රමිකයන්ගෙන් බොහෝදෙනකුට නවාතැන් සහ ආහාර සපයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

විශේෂයෙන් ක්වේටයේ මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් වන අතර වයිරසය වැලඳී ඇති තැනැත්තතන්ටද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම දුෂ්කර වී ඇතැයි වාර්තා වනවා.

ක්වේටයේ පමණක් ශ්‍රී ලාංකිකයන් දහසය දහස් පන්සියයක් පමණ සිටින අතර ඔවුන් සියලුදෙනාම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළකර තිබුණා.

මීට අමතරව කටාරයේ හයසිය හැට පහක්ද, සෞදි අරාබියේ තුන්සිය විසිහතක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හාරසියදාහතරක්ද, ඊශ්‍රායලයේ එක්සිය හැත්තෑ අටක්ද, බහරේනයේ තුන්සිය හැත්තෑහතරක්ද, ජෝර්දානයේ හයසිය දෙකක්ද, ලෙබනනයේ එකසිය විසිතුනක්ද මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසනවා.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    දෝහා කටාර් එකෙන් යන්නේ ඉන්නේ ලංකාවට 665 මොකද එතකොට අනිත් ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ ඒ මිනිස්සුන්ට ඔය embassy එවුන්ගෙ විතරයි ද යන්නේ අනිත් එවුන්ට මොකද වෙන්නේ නෑ නෑ සල්ලිත් නෑ ඒ කියන්නේ කවුද ලංකාවේ බලන්න එන්නම් එහෙනම් කවුද බලන්නේ ඒ ගැන සොයා බලන්න. අනික embassy ඉන්න උන්ට කෝල් ගන්න බෑ උන්ගේ පුහුණු වලට කෝල් ගත්තාම කොයි වෙලෙත් උන්ගේ ෆෝන් වැඩ කරන්නේ නෑ ඔයිට වැඩිය හොඳයි මොනවත් පෝන් එක හරි වල්ලම් එළියට දැම්මා නං ලංකා ඇවිල්ල ලංකාවේ මිනිස්සුන්ට කිසිම කිසිම වචනයක් කතා කරන්න බෑ උන්ගේ ලොකුකම් බලන්න ඕන ඊට වැඩිය හොඳයි මෙහෙම හැබැයි ලංකාවට ඉගෙන ගන්නේ නැත්නම් අපේ ඡන්ද ගන්න විතරද මුහුට පුළුවන් මුන්ට රස්සාවල් දුන්නේ කවුද දන්නෑ මේ වගේ ඇවිල්ල උඹ සිංහල වැඩ කරන්න කතා කරන්න දන්නැති සක්කිලි හැත්තක් ඉන්නේ.

    (2)(0)



    2



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435