කටාරයේ අසරණවී සිටි ලාකිකයින් පිරිසකට මෙරටට එන්න වරම්

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ රැදී සිටි ලාංකිකයන් 264 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද(01)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් බව වාර්තා වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානය මෙම මගීන් පිරිස රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට  අලුයම 5.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරිණි.

මේ අතර කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 668 දරන ගුවන් යානයෙන් එරට සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435