කටාරයේ කොරෝනා ආසාදිතයින් ගණන වැඩිවෙයි -ලාංකික ඔබ ප්‍රවේශමෙන්!

විදෙස් පුවත් සේවා ඊයේ (08) දිනයේ වාර්තා කරන ආකාරයට කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් ගණන සීඝ්‍ර ලෙසින් වර්ධනය වීමක් පෙන්නුම් කරයි.

ගතවූ පැය 24ක කාලය ඇතුළත එරටින් වාර්තා වෙන කොරෝනා රෝගීන් ප්‍රමාණය වර්ධනය වී තිබෙන අතර එම ගණන 225කි.

ඒ අනුව මුළු ආසාදිතයින් ගණන 2,057ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කටාරයෙන් මේවනතෙක් කොරෝනා මරණ 06ක් වාර්තා වෙන අතර 150කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435