කටාරයේ නවතම සමීක්ෂණයකින් හෙළිවූ සත්‍ය මෙන්න..!

Washington Institute for Near East Policy නම් ආයතනය මඟින් පසුගියදා සිදුකරන ලද නවතම සමීක්ෂණයකට අනුව කටාරයේ වැසියන් අතුරින් ප්‍රතිශතයක් ලෙස 81%ක් දෙනා දනට ගල්ෆ් කලාපය තුළ නිර්මාණය වී ඇති අර්බුදය සමථයකට පත්කර ගැනීමට කැමැත්ත ප්‍රකාහකර ඇති බවට අනාවරණය කර තිබේ.

එමෙන්ම මෙහිදී හෙළිවූ වැදගත් කාරණයක් වන්නේ කටාරය ඉරානය සමඟ සම්බන්ධතා පැවැත්වීම කෙරෙහි එරට වැසියන් තුළ විරුද්ධත්වයක් පවතින බවට සමීක්ෂණ වාර්තා තහවුරු කර තිබීමයි.

තවද, සමීක්ෂණය සිදුකරන ලද ආයතනය ප්‍රකාශකර ඇත්තේ කටාරයේ වැඩි දෙනෙක් යේමනයේ හිස්බුල්ලා සහ හවුදි සංවිධාන සම්බන්ධයෙන් ඍණාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බවයි.

සමීක්ෂණයට සහභාගි වු පුද්ගලයින්ගෙන් 53%ක් ප්‍රකාශ කර  ඇත්තේ අර්බුදය තව තවත් ඉදිරියට ගෙන යාම යහපත් නොවෙන බවත් මේ අවස්ථාවේදී වඩා වැදගත් වෙන්නේ ඉරානයට එරෙහිව උපරිම මට්ටමේ අරාබි සහායෝගීතාවයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීම බවයි.

කෙසේ වෙතත් මේවනවිට කටාර් අර්බුදය ආරම්භ වී දින 120කට අධික කාලයක් ගතවී ඇතත් තවමත් අර්බුදය සමතයකට පත්කර ගැනීමට අදාළ රටවල් ක්‍රියාමාර්ග ගෙන නොමැත.

මෙවැනි තත්ත්වයකදී කටාරයේ බොහෝ දෙනෙකුගේ වැඩි කැමැත්ත අර්බුදය විසඳා ගැනීම බව Washington Institute for Near East Policy ආයතනය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435