කටාරයේ නිෂ්පාදන කිහිපයක පිරිවැය ජනවාරි 01 සිට ඩබල් වෙයි

කටාර් පුවත් සේවා වාර්තා කරන ආකාරයට වෙළඳපොළ නිෂ්පාදන කිහිපයක පිරිවැය 2019 ජනවාරි මස 01 වෙනි දින සිට දෙගුණයක් කිරීමට කටාර් රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව සිගරෙට්ස් හා ශක්තිජනක බීම වර්ගවල පිරිවැය 100%කින් ඉහළ දැමීමටත් සිසිල් බීම වර්ගවල පිරිවැය 50%කින් ඉහළ දැමීමටත් තීරණය කර තිබේ.

එමෙන්ම ඉදිරියේදී  මත්පැන් සඳහා 100% ක්ම “සුරාබදු බදු” ඉදිරිපත් කරමින්, ඔවුන්ගේ වියදම් පිරිවැය දෙගුණයකින් වැඩි කර ඇති බව චැනල් නිව්ස් ඒෂියා අනාවරණය කර ඇත්තේ.

කටාර් බෙදා හැරීමේ සමාගම් විසින් මේ නව බදු සම්බන්ධයෙන් වෙළෙඳ සමාගම් දැනුවත් කිරීම සඳහා දැනටමත් කටයුතු කර තිබෙන බවත් සඳහන්.

මිල දෙගුණ වූ නිෂ්පාදනවල මිලගණන් වෙනස්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල බෙදා හැරීමට කටයුතු කර තිබෙන අතර ඒ හරහා පොදු සමාජය දැනුවත් කිරීමටද කටයුතුකර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435