කටාරයේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් රජයට ආයාචනාවක් (AUDIO)

මෙ වන විට ලොව පුරා පැතිර තිබෙන කොරෝනා වසංගත තත්වය නිසා ලෝකයේ රටවල් දෙසීයකට අධික සංඛ්‍යාවක ආර්ථිකයන් ඉතා බරපතළ පසුබෑමකට ලක්වීමට සිදුව තිබෙන බව නොරහසක්.

මෙම බලපෑම් හමුවේ ව්‍යාපාර සහ ආයතන රැසක් පාඩු ලබමින් පවතින අතර එයින් මිදීම සඳහා ඔවුන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් හට තම රැකියා අහිමි වෙමින් පවතින අතර ලොව රටවල් රැසක සේවය කරන ශ්‍රී ලාංකිකයන් හට ද එම තත්වයේ බලපෑම් මේ වන විට එල්ල වෙමින් පවතිනවා. මේ අතරින් මැද පෙරදිග සේවය කරන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් මෙම බලපෑමට මුලින්ම හසුවූ පිරිසක් බව කිව හැකියි.

මැදපෙරදිග රටවල් අතරින් කටාර් රාජ්‍යය ලාංකිකයන් වැඩිම පිරිසක් සේවයේ නිරත වන රටක් වන අතර එය එම රටේ මුළු ජනගහනයෙන් සියයට හතරකට ආසන්න ප්‍රමාණයක්.

කටාර් රාජ්‍යය ලොව ආර්ථික වශයෙන් වඩාත්ම බලවත් රාජ්‍යයන් අතරින් එකක් වුවද මේ වන විට මුළු ලොවම බිලි ගෙන ඇති කොරෝනා වසන්ගතය හේතුවෙන් ඇති වූ ආර්ථික අවපාතය නිසා ව්‍යාපාර සහ ආයතන පාඩු ලැබීම් අවම කිරීමේ පියවරක් ලෙස විශාල වශයෙන් සේවකයන් සේවයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් දහසකට වැඩි ප්‍රමාණයක් කටාර් රාජ්‍යය තුළ තමන් සේවය කරන ආයතනවලින් සේවයෙන් පහ කර ඇති අතර මේ හේතුවෙන් තම ආදායම් මාර්ගය අහිමි වීම නිසා බලවත් දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

බටහිර රටවල් මෙන් නොව කටාර් වැනි මැදපෙරදිග රටවල් බොහොමයක රැඳී සිටීමට නම් තමන් සේවය කරන හෝ කිරීමට බලා බලාපොරොත්තු වන සේව්‍යයා විසින් ලබා දෙන බලපත්‍රය අත්‍යවශ්‍ය වනවා. නමුත් මෙලෙස රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් හට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය නම් රැකියාවක් සමගම ඔවුන් හට එම බලපත්‍රය එසැනින්ම හෝ මාස කිහිපයක් තුල අහිමි වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් හට ඇති එකම විසඳුම නම් වෙනත් රැකියාවක් සොයා සොයා ගැනීම හෝ නැවත සිය මව්රට බලා යාමයි.

නමුත් මේ වනවිට සේවා ආයතන තම වියදම් අවම කර ගැනීමේ උපායක් ලෙස තම සේවකයන්ගේ වැටුප් පවා අඩු කිරීමට කටයුතු කරමින් සිටින මෙවන් මොහොතක අලුත් රැකියාවක් සොයා ගැනීම කිසිසේත් නොකළ හැක්කක් ලෙස අප හට අදහස් දක්වමින් එලෙස රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකික කාන්තාවක් පැවසුවා.

“මං මෙහෙට දැන් රැකියාවට ඇවිල්ලා අවුරුදු නමයකට ආසන්න කාලයක් වෙනවා. නමුත් දැන් තියෙන කොරෝනා වෛරස් හේතුවෙන් ඇති වූ ආර්ථික අපහසුතා නිසා මට මගේ රැකියාව නැතිවෙලා තියෙනවා. මම වගේම ගොඩාක් ලංකාවෙ කට්ටිය මෙහෙ ඉන්නව  එහෙම රැකියාව නැති වෙච්ච අය. ඉතින් අපිට මෙහෙන් යන්න අවශ්‍යයි. මොකද රැකියාවක් නැතුව මෙහි ජිවත් වෙන්න බැහැ. ඊට අමතරව දැන් අපිට අලුත් රැකියාවක් හොයා ගන්නත් අපහසුයි. හේතුව දැන් කිසිම ආයතනයකින් කිසිම අලුතෙන් සේවකයෝ ගන්නේ නැහැ. මම මෙහෙ ඉන්නෙ මගේ දරුවො දෙන්නත් එක්ක. ඉතින් අපිට ඉක්මනට ලංකාවට යන්න අවශ්‍ය මොකද අපේ අතේ මුදල් නැහැ මුදල් නැතුව ජීවත්වෙන්න බැහැ මෙහෙ,” යනුවෙන් ඇය පැවසුවාය.

“රස්සාව නැතුව අපිට මෙහි ජීවත් වෙන්න බැහැ. කිසිම දෙයක් අපේ නිකන් හම්බ වෙන්නෙ නෑ. ඉතින් අපි ගෙවල් කුලී ගෙවන්න ඕනේ. කෑම බීම ගන්න ඕනෙ. බොන වතුර බෝතලය පවා සල්ලි දීලා ගන්න ඕනේ.

“අපි හැම මාසෙකම ලංකාවට මුදල් එවපු අය. අපි මේ වගේ මැදපෙරදිගට ආවේ පුරවැසි භාවයක් ලබා ගන්න නෙමෙයි. අපි ආවෙ රැකියාවකට. ඉතින් රැකියාව නැති වුනොත් අපි අනිවාර්යෙන් ලංකාවට යා යුතුයි. අපි කොරෝනා වසංගතයට බයේ නෙමෙයි අපි අපිව ලංකාවට ගන්න කියන්නෙ. මෙහෙත් කොරෝනා තියෙනව. නමුත් මේ රටෙත් ඒක පාලනය කරගෙන යනවා. නමුත් අපිට ඕනේ ලංකාවට යන්න රස්සාවක් නැතුව ඉන්න බැරි නිසා. විසා අවලංගු වන නිසා. ඉතිං වගකිවයුතු බලධාරීන්ගෙන්, ජනාධිපතිතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපිව පුළුවන් ඉක්මනට ලංකාවට ගන්න කියල. මොකද අපි තානාපති කාර්යාලයෙන් ඇහුවම එයාල කිව්වේ ලංකාවෙන් තාම ලැහැස්ති නැහැ අපිව ගන්න කියලා. ඉතිං අපි ඉල්ලා සිටින්නේ අපිට පුළුවන් ඉක්මනට ලංකාවට එන්න දෙන්න මොකද රස්සාවක් නැතුව මේ රටේ අපිට ජීවත්වෙන්න බැහැ අපි අසරණ වෙලා ඉන්නෙ.”

මේ වන විට ශ්‍රී ලංකාවේ මෙන්ම කටාර් රාජ්‍යයේද ප්‍රධාන ගුවන් තොටුපළ මගීන් සඳහා වසා දමා ඇති නමුත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා කටාර් ගුවන් සමාගම විසින් දිනකට ගුවන් යානා දෙකක් කොළඹ බලා එවනු ලබනවා. එම ගුවන් සමාගමෙන් කළ විමසීමකදී නිලධාරීන් දෝහා නුවර සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කල විමසීමකදී දැනගන්නට ලැබී ඇතිතේ 250ක පමණ පිරිසක් එකතු කරගැනීමට හැකි නම් ගුවන් යානයක් කොළඹ බලා යාමට මගින් සඳහා ලබාදීමට එම සමාගම සූදානම් බවයි. නමුත් එසේ කිරීමට නම් දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් නිල වශයෙන් ඉල්ලීමක් කළ යුතු වනවා. නමුත් තානාපති කාර්යාලය පවසන්නේ කොළඹ ගුවන් තොටුපලෙන් මගින් භාර ගැනීමට තවම සූදානමක් නැති නිසා එවැනි ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවයි.

නිසා එම නිසා මෙම තීරණාත්මක අවස්ථාවේදී තමන්ගේ අසරණභාවය ගැන සලකා බලන මෙන් එම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර ඔවුන් තවදුරටත් පවසන්නේ අවශ්‍ය නම් නිරෝධායන කටයුතු වලට ද පූර්ණ සහය සහයෝගය ලබාදීමට ඔවුන් සුදානම් බවයි.

පහතින් ලින්ක් එකෙන් ඔවුන්ගේ හඩට සවන් දෙන්න

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. Author says:

    Yes one month we dont have job we are staying in room no money for food better we can go to sri lanka

    (0)(0)



    0



    0
  2. Dayalage says:

    Owe ee vageema thamaa limousine driversla vishala pramanayak innawa ,dan aeyalata income naha,
    Room rent gewanda vidihak naha,anatha wela inne.company walin wagakima ganne naha.ayalata inna temporary thanak denda lankaeata yanakam inda.

    (0)(0)



    0



    0
  3. Sukith says:

    Math inne qatar රස්සාව ne.අපි හැමෝම එකතු වෙමු .අපිට උදව් කරන්න ජනපති thumani .

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435