කටාරයේ සිටින ලාංකිකයින් අසරණ වෙයි – පිටට නොපෙනෙන කටුක ඇත්ත මෙන්න

ආයුබෝවන් මගේ යාලුවනේ.
අද මේ වගේ දෙයක් දාන්න හිතුනේ අපි කොච්චර නං අසරණ ද කියන එකයි එයට හේතුව නම් මේ දෝහා කටාර් රාජ්‍යයේ සිටින තානාධිපති කාර්යාලය සිටින සේවක මහත්ම මහත්මීන්ගේ අඩුපාඩු ඒ වගේම තමයි මේ දෝහා කටාර් එකේ ඉන්න අපි ශ්‍රී ලාංකිකයන් අසරණ වෙලා තියෙන ආකාරය.

මේ කොරෝනා වසංගතයක් නිසා අපට රැකියාව අහිමි වී දැනට මාස තුනක් පමණ වෙනවා අපි ලියාපදිංචි වී සිටිය ද අපිට තානාධිපති කාර්යාලයෙන් කිසිදු දුරකථන ඇමතුමක් ද පැමිණියේ නෑ අපි ඔවුන්ට දුරකථනයට සම්බන්ධ කිරීමට උත්සාහ දරද්දී ඔවුන්ගේ දුරකථන ඔවුන් විසින් ප්‍රතිචාර දක්වන්නේද නැත. අපි ඒ පිළිබඳව ඔවුන් ගෙන් විමසූ විට ඔවුන් පවසන්නේ ඔවුන් කාර්යබහුල බවය.

අපි හරක් විදියට ඔවුන්ගේ එම දේවල් පිළිගෙන ඔවුන් සමග කතාබහක් මා විසින් තානාදිපති කාර්යාලය ට දෝහා කටාර් රාජ්‍යය මුදල් ඒකකයක් වන රියාල් 250 කට ආසන්න මුදලක් ජංගම දුරකථනයට දමා ඔවුන්ට කීපවිටක් කතා කරන ලදී නමුදු ඔවුන් ගෙන් අපිත් උදවු ඉල්ලූ විට ඔවුන් පවසන්නේ වී ඇති දුරකථන වලට කතා කරන ලෙස ය නමුත් එම දුරකථන වලට දුරකථන ඇමතුම් ලබා ගත් විට එම දුරකතන ඇමතුම් ඔවුන් ප්‍රතිචාර දක්වන්නේද නැත. තව ද ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින අප සියලු දෙනාටම ඉදිරියේදී pc r පරීක්ෂණය සඳහා රුපියල් 7000 සිට 8000 දහ දක්වා මුදලක් ගෙවීමට සිදුවන බව ප්‍රවෘත්ති මගින් දැනගැනීමට ලැබුණේ.

අප දැම්ම මෙම දෝහා කටාර් රාජ්‍යයේ මාස තුන හතරක සිට වැටුප් නොමැතිව ආයතන වලින් නෙරපා හැරි අතර මුදල් ගෙවීමට වත්කමක් නොමැති බව ඔබ දන්නවා ඇති. මෙම මුදල් අප කෙසේ ගෙවන්නේ ද? තවද අපට කෑමට බීමට වත් මුදල් නොමැතිව රැකියාවක් නොමැතිව අප ඉදිරියට ජීවත් වන්නේ කෙසේද. තවද අප පරා ධිපති කාර්යාලයේ ශ්‍රී ලංකාව බලා පිටත් වීම සඳහා ලියාපදිංචි මුල් සාමාජිකයන් වන අතර අපිට තවමත් දුරකථන ඇමතුමක් ද පැමිණ නැත එයට උදාහරණයක් වශයෙන් මා ලියා පදිංචි වීමට විද්‍යුත් තැපෑල මගින් අවශ්‍ය දත්ත ලබා දී තිබෙන්නේ 2020 මාර්තු මස 30 වන දින ය. නමුත් ලියා පදිංචි කර ඇත්තේ තනාධිපති කාර්යාලය විසින් 2020 ජූනි මස 04 වන දිනය. එවිට මොවුන් ශ්‍රී ලංකා බලා ප්‍රථම ගුවන් යානයෙන් යවන ලද්දේ කාවද? එයට හොඳම උදාහරණය නම් දෝහා කටාර් රාජ්‍ය ප්‍රධාන ජංගම දුරකථන සම්බන්ධතාවයක් වන vodafone ආයතනයේ දෝහා කටාර් රාජ්‍යයේ ප්‍රධාන කළමනාකරුවකු සහ ඔහුගේ පවුලේ උදවිය මුදල් ඇති හෙයින් ප්‍රථම ගුවන් යානා වෙහි යවා තිබෙන බව දැනගන්නට ලැබිණි තිබෙන බව දැනගන්නට ලැබිණි. එම පිරිස ශ්‍රී ලංකාවට ගිය අතර ඔවුන් ශ්‍රී ලංකාවේ අම්පාර නියුත් නිරෝධායන මධ්‍යස්ථානයට නොගිය බව ද. දැනගන්නට ලැබිනි ඔවුන් නිරෝධානය වී තිබෙන්නේ මීගමුව ප්‍රධාන ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන සංචාරක හෝටලයක ය ඔවුන් දැන් ශ්‍රී ලංකාවේ සිට vodafone ආයතනයේ සියළුම මෙහෙයුම් කටයුතු කරන බව දැනගැනීමට ද ලැබිණි.

එසේනම් සිතන්න මේ තානාදිපති කාර්‍යාලයේ පිරිස මගින් අසරණ වී සිටින පිරිසට වඩා මුදල් අතින් පරිපූර්ණ අපේ වචනයෙන් කියනවානම් හොඳ දළ කාරයෝ තමයි යවලා තියෙන්නේ. අපි මොවුන්ට කතා කර පසු ඔවුන්ගෙන් අපිට ලැබෙන ප්‍රතිකාර අසතුටුදායක ය අපි අසරණ වෙලා තිබෙන බව ඔවුන්ට දැනෙන්නේ නැත.

මා විසින් ඊයේ තානාතිපති කාර්යයක් දුරකථන ඇමතුමක් ලබාගෙන මා පවසන ලද්දේ එක දෙයකි මට කෑමට බීමට කිසි දෙයක් නොමැත එසේම මාත් මට මාගේ ආයතනයෙන් කිසිදු වැටුපක්වත් ලැබෙන්නේ නැත එම නිසා මට කෑමට බීමට යම් කිසි දෙයක් ලබාදෙන ලෙසය එවිටය තානාධිපති කාර්යාලයෙන් මාහට පැවසුයේ ඔබට දී ඇති දුරකථන අංක දෙකට කතා කර ලියාපදිංචි වන්න ඔවුන්ට ඉඩ ලැබුණු විට ඔබට කෑමට බීමට අවශ්‍ය සහන මල්ලක් ගෙනත් දෙන බවය. මම ඊයේ දිනයේ සහ අද දිනයේ ඔවුන් හට කීපවිටක් දුරකථනය සම්බන්ධ කිරීමට උත්සාහ දැරූ අතර ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත ඔවුන්ට වට්ස් අප් මගින් සියලු විස්තර දැමුවද ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැත එහෙනම් යාලුවනේ අපි මොකක්ද කරන්න ඕන අපි දැන් ඊළඟ ඡන්දෙට මේවා මේවා බලාගෙන ඉන්න දේශපාලනඥයන්ට ඡන්දය දෙනවාද නැද්ද කියන එක ඔබ සතුය අපිට සිද්ධ වෙලා තියෙන්නේ මෙහෙම මැරිල යන්න එහෙම උනහම අපේ ලංකාවෙ මිනිස්සුන්ටත් ඇස් ඇරෙන්න ඔයා ඇත.

දැන් මේ ලිපිය කියවලා සමහරු ඉතින් මේකට බනින්න ඉඩ තියෙනවා ඒවට මම සැලෙන්නේ නෑ මොකද ඊයේ පුද්ගලයෙක් මට මරණ තර්ජන කර අතර ඔවුන් දෝහා කටාර් එකේ සිටින බැවින් ඔහු මට කියන ලද්දේ උඹ ගුවන්තොටුපළට වත් පැමිණෙන්න එපා බෝ මරනවා කියන බැවිනි. මට කියන්න තියෙන්නේ යාලුවනේ මෙච්චරයි මැරෙන්න බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ. සමනල පොන්නයන්ගේ එක දේවල් කියන්න ඉඩ තියෙනවා ඉතින් ඒවා ගණන් ගන්නේ නෑ බල්ලො බිරුවට කඳු පහත් වෙන්නෙත් නෑ අපි මෙහෙම මැරුනට උන්ට ගානකුත් නැහැ මොකද අපි උන්ගෙන් කාලා බීලා ඉන්නේ නැති නිසා.

උපුටා ගැනීම- දෝහා කටාර් ශ්‍රී ලංකා අපි facebook පිටුව (සම්පූර්ණ කතාව කතෘ සතුයි-උපුටා ගැනීමක් පමණි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    මෙම ලිපිය මා විසින් පළ කරන ලදී. බොහොමයක් ස්තූතියි වැඩබිම මාධ්‍ය ජාලයට

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435