කටාරයේ සේවය කරන ඔබ අතපසුවීමකින්වත් මේ වැරදි කරන්න එපා

කටාර් රාජ්‍යයේ සේවයට යන විදේශිකයින් බොහෝමයක් එරට තුළ බලපැවැත්වෙන නීති රීති, දඬුවම් ක්‍රමවේදය මෙන්ම කලයුතු දෑ ,නොකල යුතු දෑ සම්බන්ධයෙන් නිසියාකාරව දැනුමක් හෝ අවබෝධයක් නොමැතිවිමෙන් අමාරුවේ වැටෙන අවස්ථ බොහෝය.

විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කරන කටාරය පසුගියදා අරාබි ජාතික ශ්‍රමිකයෙකුට වසර 10ක සිර දඬුවමක් හා කටාර් රියාල් 200,000ක තරම් විශාල දඩ මුදලක්ද ගෙවන ලෙසට අපරාධ අධිකරාය විසින් නියම කර ඇත.

එමෙන්ම, දඬුවම් කාලය ඉකුත්වීමෙන් පසුව කටාරයෙන් පිටුවහල්කිරීමටද වැඩිදුරටත් නියෝග ලබා දී තිබේ.

දඬුවම් ලැබූ පුද්ගලයාට එරෙහි ගොනුකොට ඇති චෝදනා වූයේ නීතිවිරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය හා අධික මාත්‍රාවකින් යුතු ඖෂධ වර්ග ලඟතබා ගැනීමත් ඒවා වෙනත් පුද්ගලයින්ට බෙදා හැරීමේ අතරමැදියෙකු ලෙසින් කටයුතු කිරීම මතයි.

චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වීමේදී සැකකරු විසින් ඔහු හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තවත් පුද්ගලයින් ගැන තොරතුරු හෙලිකර ඇති අතර අවසානයේ අදාල පුද්ගලයා වරදකරුවෙකු ලෙස අධිකරණය නියමකර ඇත.

විශේෂයෙන් වාර්ෂිකව විශාල විදෙස් ශ්‍රමිකයින් පිරිසකට මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා මෙලෙස දඬුවම් හිමිවෙන අතර ඒ බොහෝ දෙනෙක් අතරමැදියන් ලෙස පෙනී සිටීම නිසා අමාරුවේ වැටෙන බවයි වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ඔබත් කටාරයේ සේවය කරන ලාංකිකයෙකු නම් මෙවැනි ජාවාරම්වලට හසුනොවී සිටීමට වගබලා ගන්න. එය ඔබටත් ඔබේ රැකියාවටත්, ඔබේ පවුලේත් යහපතට හේතුවිය හැකිය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435