කටාරයේ සේවය කරන ලක් තරුණයෙක් රජයෙන් බැගෑපත් ඉල්ලීමක් කරයි [Video]

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කටාරයේ අසරණව සිටින ලාංකික තරුණයෙකු සජීවී වීඩියෝ පටයක් හරහා මෙරට රජයෙන් ඉල්ලීමක් කරතිබේ.

එම වීඩියෝ පටයේ ඔහු සඳහන් කරන කරුණු කාරණා අනුව වර්තමානයේ කටාරයේ පවතින තත්ත්වයත්, ඔවුන් අදවන විට පත්ව ඇති අසරණභාවයත් ගැන විශේෂයෙන් කරුණු දක්වා තිබේ.

රැකියාව සම්බන්ධයෙන්ද ඔවුන්ට අවීශ්චිත තත්ත්වයක් පවතින අතර දැනට කොරෝනා හැඳුනු ලාංකිකයින් 07ක් දෙනෙකු සිටින බවත් ඔහු සිහිපත් කරයි.

එම ආසාදිතයින්ටද නිසි ප්‍රතිකාරයක් නොලැබෙන අතර තමන් ඇතුළු මේ සියළු දෙනා මරණය අතේ තබාගෙන ජීවත්වෙන බවද සිහිපත් කරයි.

ඔවුන් මෙහිදී ඉල්ලා සිටින්නේ කඩිනමින් තමන්ව මෙරටට ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කර දෙන ලෙසයි.

සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න.බලධාරීන්ගේ ඇස ගැටෙන තෙක් හැකිතාක් මේ පණිවිඩය ෂෙයාර් කරන්න. උපකාර කරන්න. මේ ඔබේ උපකාරය ඔවුන්ට අවැසි මොහොතයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435