කටාරයේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින් අනතුරේ -කොරෝනා බලපෑම ඉහළට

අදවන විට කටාර් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස්තිබෙන අතර ලොව ජනගහණය අනුව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන රට ලෙස කටාරය පත්වී තිබෙන බව වාර්තා වේ.

මේ වනවිට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණණ 40,481ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර මරණ 19ක් වාර්තා වේ. සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 7,893 කි.

කටාරයේ ජීවත්වෙන මිලියන 2.7ක සමස්ත ජනගහනයෙන් 300,000ක් කටාර් ජාතිකයින් වන අතර කොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් පැතිර ඇත්තේ හා පැතිරීමේ අවදානම ඇත්තේ විදේශික ශ්‍රමිකයින් අතරේ බව මානව හිමිකම් කණ්ඩායම් පෙන්වා දෙයි.

එබැවින් කටාරයේ සේවය කරන විදේශිකයින්ට කොරෝනා අවදානම ඉහළ ගොස් තිබෙන අතර ඔබත් කටාරයේ සේවය කරන ලාංකිකයෙකු නම් වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීම අතිශය වැදගත් වෙයි.

ප්‍රවේශමෙන් සිටින්න. ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    කොහොමද ලංකාවට yයන්නෙ මම ලංකාවට යන්න හිටියෙ මාර්තු 27.ලංකාවට බඩු yයවා ඒවාටත් ගන්න vවිදිහක් නැහැ ටිකට් අරන් තියෙන්නෙ මාර්තු 27.ඉතිං මොකද කරන්නේ .

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435