කටාරයේ සේවය කරමින් සිටි ලක් තරුණයෙකු මියයයි

කටාර් රාජ්‍යයේ සේවය සඳහා 2017 සැප්තැම්බර් මස 18 වෙනි දින විදේශගත වූ ලාංකික තරුණයෙකු එරටදී මරණයට පත්ව ඇති පුවතක් වාර්තා වේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආරච්චි කට්ටුව කෝට්ටපිටිය හේන්යාය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි තිදරු පියෙකු වූ ෆැට්‍රික් සුරංජන් මිරෙන්ඩා යන අයයි.

ඔහු කටාරයේ සනයියා නගරයේ ගොඩනැඟිළි කොන්ත්‍රාත් ආයතනයක වස්සර තුනක් පුරා සේවය කර තිබෙන අතර එළැඹෙන ජූනි මාසයේ මෙරටට එන්න නියමිතව තිබුණි.

කෙසේ නමුත් ඔහු සේවය කරමින් සිටි තැනකදී අඩි 20ක තරම් උසක සිට බිමට වැටීම නිසා අසාධ්‍යව රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව තිබේ.

දහසකුත් බලාපොරොත්තු හිතේ තබාගෙන සුරජන් කටාරයේ සේවය සඳහා විදේශ ගතවී තිබෙන අතර මහන්සියෙන් උපයාගත් දෙයින් සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම නිවසේ අගහිගකම් හා සිය නිවස ඉදිකිරීමේ කටයුතු සඳහා වියහියදම් කරන ලදී.

කෙසේ නමුත් අදවනවිට ඔහුගේ බිරිඳ හා දරුවන් මහත් අසීරුතාවයට පත්ව තිබේ.

ඔහුගේ බිරිඳ පවසා සිටින්නේ මෙවැනි අදහසක්.” මගේ මහත්තයා මියගියේ කෙසේද කියලා මට තවමත් හරි හැටි තේරුමක් නෑ. එයා නිතරම වගේ අපට කතා කරනවා.මේ තත්ත්වයට එන්න ගොඩක් මහන්සි වුනා.එදා අනතුර වූ දවසේත් අනතුර වෙන්න පැය 03කට කලිනුත් අපිට කතා කළා.ලබන මාසේ ලංකාවට එනවා කියලත් කිවුවා.ඒත් වුනු දෙයක්. හිතාගන්නවත් බෑ”.

ඇය අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ට අන්තිම මොහොතේවත් සිය පියා දැකබලා ගන්න මෘත ශරීරය වත් ගෙනත් දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් හැකි සෑම බලධාරියෙක්ම දැනුවත් කර ඇතත් තවමත් ප්‍රතිචාරය ලැබී නොමැති බවයි ඇය ප්‍රකාශ කළේ.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435