කටාරය අර්බුදය යළිත් මතුවෙයි – UAE රාජ්‍යට වැඩ වරදින ලකුණු

කටාර් අර්බුදය මුල්කරගනිමින් සෞදිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාරයට එරෙහි සම්බාධක පනවා දීර්ඝ කාලයක් ගතවී තිබෙන අතර නැවතත් අර්බුදය ගැන රටරටවල් අතර යම් යම් කතිකාවන් මතුවී තිබේ.

ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් චෝදනා කරමින්, කටාරය හුදෙකලා කරමින් සම්බාධක දැමූ රටවල් අතරින් ප්‍රධාන රටවල් දෙකෙන් එකක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍ය සෞදිය ප්‍රමුඛ රටවල් එකතුව කටාරය සමඟ පැවැති රාජත්‍රාන්තික සබඳතා නවතා දැමීමට කටයුතු කරන ලදී.

අන්තවාදයට අනුග්‍රාහකත්වය ලබා දෙන බව ප්‍රකාශකරමින් සිය රාජ්‍යට වැරදි චෝදනා ඉදිරිපත් කළ බව පවසා පසුගියදා කටාර් රාජ්‍ය විසින් මානව හිමිකම් උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය වෙත චෝදනා නඟමින් ඇමෙරිකාවේ මහාධිකරණයක් හමුවේ නඩු ගොනුකර තිබෙන අතර අදාළ නඩු විභාගය විභාග වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම නඩු විභාගයට කටාර් මෙන්ම එක්සත් අරාබි එමිරේස්ට් රාජ්‍ය නියෝජනය කරමින් නිතීඥ කණ්ඩායම් ඉදිරිපත් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435