කටාරය කොරෝනා නිසා උණුසුම් -ගුවන්තොට වෛරස බියකින් තැති ගනී

19 හෙවත් නව කොරෝනා වෛරසය අදවනවිට රටවල් රැසකට තර්ජන එල්ලකරමින් දහස් ගණනකගේ ජීවිත බිලි ගනිමින්,ලක්ෂ ගණනක් වෛරස් ආසාදිතයින් කරමින් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වි තිබේ.

චීනයෙන් ආරම්භවූ මෙම වෛරස් අවදානම අනතුරුව දකුණු කොරියාව, ඉතාලිය, ඇමරිකාව, ඉන්දියාව, ඇතුළු තවත් රටවල් රැසක දරුණු ලෙස ව්‍යාප්තවූ අතර පුද්ගලයින්ද විශාල ප්‍රමාණයක් වෛරසය හේතුවෙන් මරණයට පත්විය.

කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් වෛරසය පාලනය කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ග ගත් අතර ඒවා තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.

කටාරයේද අදවන විට කොරෝනා ව්‍යාප්තවීම පලන කිරීම සඳහා විවිද ක්‍රියාමාර්ග ගනිමින් සිය රටේ වැසියා ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටී.

පසුගියදා කොරෝනා වෛරසය පැතිරීමේ බියක් හට ගැනීම හේතුවෙන් කටාර්හි හමාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සේවය කරන නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවන් 40%කින් අඩු කිරීමට කටයුතු කර තිබේ.

දැනට ගුවන්තොටුපළේ ක්‍රියාත්මක වන්නේ අත්‍යාවශ්‍ය සේවා පමණකි.ගුවන්තොටුපළේ සේවය කළ නිලධාරීන් බොහෝ දෙනෙක් නිවෙස්වල සිට සිය රාජකාරි කටයුතු සිදුකරන අතර ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ඔවුන්ට ලබා දී ඇත.

කෙසේ වෙතත් මෙම තිරණය ගැනීමට ගුවන්තොටුපළ බලධාරීන් කටයුතු කර ඇත්තේ ගුවන්තොටුපළේ සේවකයින් කිහිපදෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් බවට හඳුනා ගැනීමෙන් පසුවයි.

ඔබත් කටාරයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් ප්‍රවේශමෙන් ගත කරන්න. හැකි සෑම විටම ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435