කටාරය නොසන්සුන් – පැය 24ක් ඇතුළත ආසාදිතයින් ගණන නොසිතූ ලෙස ඉහළට

කටාර් රාජ්‍යයෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා වෛරස ආසාදිතයන් 1,993 දෙනකු හඳුනාගත් බවත් මරණ 3ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළබව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව කටාර් රාජ්‍යයෙන් ඊයේ පස්වරු 6 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 32,267ක් දක්වා ඉහළ ගිය අතර එරටින් වාර්තා වූ මරණ ගණන 36ක් ලෙස දැක්විණි.

අවසන් පැය 24 දී වයිරසය ආසාදනය වූ 5,205 දෙනකු සුවය ලැබූ බවත් ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ගණන 20,604ක් දක්වා ඉහළ ගිය බවත් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435