කටාර්වල ලාංකිකයින් ජනපතිගෙන් ඉල්ලීමක් කරයි

කටාර් රාජ්‍යයේ සේවය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් තමන්ව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

අද වන විට දිනකට කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 1000කට ආසන්න පිරිසක් වාර්තා වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එරට ප්‍රධාන ගමනාගමන ආයතනයක සේවය කරන මෙම සේවක පිරිස කියා සිටින්නේ 800ක පමණ වන ලාංකිය පිරිසක් එහි සිටින බවයි.

එහි සිටින රෝගාතුර වන පිරිස් රෝහලගත කළද ඔවුන්ට සිදු වන්නේ කුමක්දැයි යන්න ඉන් පසු දැන ගැනීමට හැකියාවක් නැති බවත් මෙම තත්ත්වය පිළිබඳ එරට පිහිටි තානාපති කාර්යාලයට ලිඛිතව දැනුම් දුන්නද තවමත් කිසිදු විසඳුමක් ලබා දී නැති බවත් ඔවුන් පවසයි.

වෛර ව්‍යාප්තිය පැවතුණ ද එහි සිටින සේවකයින්ට සේවා ස්ථාන වලට යා යුතුව ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.

එබැවින් එම ස්ථානයේ සියලු සේවකයින් සිටින්නේ ජීවිත අවධානමක බවත් එනිසා තමන්ව හැකි ඉක්මනින් මව් රටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම පිරිස පැවසීය.

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. Author says:

    Aniwarenma janadipathi thumage awadanaya lebenna one...apith inne qatar wala padi nethuwa... puluwan ikmanin me rate Inna ape ayawa lankawata ganna...

    (0)(0)



    0



    0
  2. Author says:

    Ma da qatar hi sewaye niyathu srilankikayeku wemi. Ma da kipawarak Boho sthana walata apa hata athi gatalu sambadayen danuwath kara athi a sadaha hoda pilithurak balaporothun pasuwemi. Ma ahara nishpadanaya karana ayathanaka sewaya karami thawamath mehi nishpadana siduwemin pawathi. Apa hasata apage arakshawa ganawath jivithe ganawath kisidu viswasayakuge nomatha manda kisidu sharamikayeku jivitha gana mema ayathanawath rajayawath kikisima wagakimakin katayuthu karana bawak pene. Apa pilibadawath soyabala gennawa ganna men ellami

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435