කටාර්හි මාර්ග නීතිවල වෙනසක් – වේගසීමා ඉක්මවා ගමන් කළොත් දඩ

කටාර් රාජ්‍යයේ මහා මාර්ග රැසක ගමන් කලයුතු වේග සීමාවන් වෙනසකට ලක්කර තිබෙන අතර එම වේග සීමා උල්ලංඝනය නොකර ගමන් කිරීමටත් මාර්ග නීති කඩ කිරීමෙන් ලැබෙන දඩ හා දඬුවම් වලින් ආරක්ෂා වීමටත් සෑම රියදුරෙකුගේම අවධානය යොමුකලයුතු බව කටාර්හි රථවාහන දෙපාර්තමේන්තුව විසින් සිහිපත් කිරීමක් කර තිබේ.

ඒ අනුව පහත දැක්වෙන සියළුම මාර්ගවල වේග සීමාවන් වෙනස්වි තිබෙන අතර මාර්ග නීති කඩකරන රියදුරන් සොයා ගැනීම සඳහා නව ජන්ගම රේඩාර් පද්ධතිද සවිකර තිබෙන බවත් නිවේදනය කර ඇත.

    Air Force Street – 100 km/h                                  Al Dafna – 80 km/h

    Al Waab – 80 km/h                                                 Dukhan/Shahaniya – 120 km/h

    Orbital Highway – 120km/h                                  the Pearl – 80 km/h

    Al Refaa – 100km/h

    Shamal Highway – 120 km/h

    Salwa road – 120 km/h

කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම ජංගම රේඩාර් පද්ධති අලුතින් ස්ථාපිතකර තිබෙන අතර එමඟින් මාර්ග අනතුරු අවම කර ගැනීමත්, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමත් මූලික අපේක්ෂාව වී ඇත.

එමෙන්ම මාර්ග නීති කඩකරන රියදුරන්ට පහසුවෙන් සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙස බොහෝ මාර්ගවල ජංගම රේඩාර් පද්ධති සවිකිරීමත්, එමඟින් නීති කඩකරන රියදුරන් සොයා ඔවුන්ට එරෙහි නීතිය තදින් ක්‍රියාත්මක කිරීමත් සිදුකරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විශේෂයෙන් සිහිපත්කර දෙයි.

වේගසීමා නොතකා රිය ධාවනය කරන පුද්ගලයින් පහසුවෙන් හඳුනා ගැනීමත්, ආසන පටි නොපැළඳීම, රියධාවනයේදී දුරකථන භාවිතය, වැරදි පැත්තෙන් වාහන ඉස්සර කිරීම වැනි වැරදි කිහිපයක් හසුකර ගැනීමට මෙම රේඩාර් උපකරණ සවි කිරීම කළ බවයි රථවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435