කටාර්හි ශ්‍රමිකයින්ට වැදගත් කම්කරු නීති සංශෝධනය වෙයි – මෙන්න දැනගන්න!

කටාර්හි කම්කරු නීතියේ යම් යම් විධි විධාන සංශෝධයට ලක්වෙමින් ශ්‍රමිකයින්ට පැන නගින ගැටලුවකදී සාධාරණ මෙන්ම ඉක්මන් විසදුම් ලැබෙන පරිදි කම්කරු නීතිය ප්‍රතිසංශෝධනය කර තිබෙන බවට කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් ප්‍රකාශයට පත්කොට තිබේ.

2004 වර්ෂයේ නීති අංක 14 හා 1990 වර්ෂයේ නීති අංක 13 යටතේ වූ නීති සංශෝධනයට ලක්කරමින් 2017 නීති අංක 13 යටතේ ශ්‍රමික සුබසාධනයට වැදගත් නව නීති අන්තර්ගත කර තිබෙන අතර එහිදී පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය යටතේ ශ්‍රමික ගැටළු විසඳීම වෙනුවෙන්ම කම්කරු නීති ආරවුල් විසඳීමේ කමිටුවක් ( Labour Dispute Resolution Committee (LDRC)) ස්ථාපිත කර ඇත.

සාමාන්‍යෙයන් සේවායෝජකයා හා සේවකයා අතර යම් ආරවුලක් ඇති වුවහොත් එහිදී කම්කරු දෙපාර්තමේන්තුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පෙර දුක් ගැනිවිලි ඉදිරිපත් කිරීමේ කමිටුවට පැමිණිල්ල යොමුකර දින හතක් බලා සිටිය යුතුය.

එම දින හත ඇතුළත ගැටලුවට විසදුමක් ලබාදීමට අපොහොසත් වුවහොත් එම පැමිණිල්ල වැඩ කරන දින 3ක් ඇතුළත Labour Dispute Resolution Committee (LDRC) යොමුකරනු ලැබේ. එසේම ඕනෑම පාර්ශවයකට විශේෂිත අවස්ථාවලදී  කම්කරු නීති ආරවුල් විසඳීමේ කමිටුව වෙත පිවිසිය හැක.

එමෙන්ම මෙම පනතේ විධි විධාන හෝ සේවා කොන්ත්‍රාත්තුවේ විධි විධානයන්ගෙන් පැන නැගෙන ඕනෑම ආරවුලක් විසදීම සදහා කාරක සභාවට හැකියාව තිබේ.

කම්කරු නීති ආරවුල් විසඳීමේ කමිටුව යටතේ පවතින ගැටලු සදහා වෙනත් අධිකරණයකට නොහැකි වෙන අතර  වර්තමාන නීතිය බලාත්මක කිරීමට පෙර සිදුකරණ ලද නඩු විභාග සදහා මෙය වලංගු නොවෙන බව එමීර්වරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (4)

  1. Kasun says:

    Nithiya thibbata company wala un ewa hariyata karanne ne.puluwannam labour ekata peminillak danna puluwan number hari danna me news ekkama

    (0)(0)



    0



    0
  2. Author says:

    Nithiya thibbata company wala un ewa hariyata karanne ne.puluwannam labour ekata peminillak danna puluwan number hari danna me news ekkama

    (0)(0)



    0



    0
  3. Udra says:

    කටාර් වල නීති පොතට විතරයි. මාස 6ක් පඩිනැතුව ලංකාවට ආවෙ. Compani එකට නඩුදාන්න ගියහම ලෝකෙ නැති ලියුම් ඉල්ලනවා. උන් උන ආරාබි කාරයො අරාබියෙන් කියවලා උන් උන්ගෙ එවුන්ව බේරනවා. අන්තිමට පඩිත් නැතුව අසාදාරනේට පත්වෙච්ච අපිට වෙන බොරු නඩු පටලවල හිරේ දානව. ඔන්න ඕව තමා මුලු ගල්ෆ් වලම සින්දුව.

    (0)(0)



    0



    0
  4. Nisha says:

    නීති නම් ඉතින් ලෝකෙට පෙන්න විතරයි.

    (1)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435