කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාශයෙන් සේවායෝජකයින්ට හා සේවකයින්ට වැදගත් සිහිපත් කිරීමක්!

කටාර්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පසුගියදා නිවේදනයක් නිකුත්කරමින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙන අතර එම නිවේදනයට අනුව යම් සේවායෝජක ආයතනයක්, පුද්ගලයෙක්,සමාගමක් විසින් විදෙස් ශ්‍රමිකයින්ගේ ගුවන් ගමන් බලපත්‍රයක්, හැඳුනුම්පතක් තමන් සතුකර ගෙන සිටීම එරට කම්කරු නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්වන බවත් ඊට එරෙහිව දඬුවම් අකුරටම ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කර ඇත.

එමෙන්ම,පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රමිකයින්ට හැකියාව පවතින අතර එහිදී සිහිපත්කල යුතු කාරණයක් ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ පැමිණිලි කිරීම පොලීසියට නොව කම්කරු අමාත්‍යාංශයටම කළයුතු බවයි.

මේ ගැටළු සාකච්ඡාවට ලක්ව ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පසුගියදා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද වැඩමුළුවකදීයි. ඒ සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, පිලිපීනය,පකිස්ථානය, නේපාලය ඇතුළු කටාරයේ සේවය කරන විදෙස් රටවල ශ්‍රමිකයින් රැසක් සහභාගිවී තිබේ.

එමෙන්ම මෙම වැඩමුළුවේදී ශ්‍රමිකයින්ගේ ගැටලු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙන අතර එහිදී රාජ්‍ය අංශයේ මැදිහත්වීම ගැන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දිර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

යම් විදේශිකයෙකුගේ එරට හැඳුනුම්පත් යම් අවස්ථාවක අස්ථානගතවී තිබුණු විටක ක්‍රියාකළයුතු ආකාරය ගැනද මෙහිදී සකච්ඡාකර ඇති අතර ඊට පිළිතුරු වශයෙන් පුද්ගලයා තම රටෙහි නැතිවූ හැඳුනුම්පත සඳහා වාර්තාවක් ලබා ගත යුතු අතර, එම වාර්තාව QR500 හි දඩ මුදල ගෙවන නව හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා යැවිය යුතු බවත් අවධාරණයකර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435