කටාර් අර්බුදය යළිත් කරළියට – කඩිනමින් සියළු අර්බුද පහවී යන ලකුණු

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර ඇයි හොඳයිකම් මාස 14 ක අධික කාලයක් තිස්සේ පළුදු වී තිබෙන අතර ඊට හේතුව වූයේ කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්තියි. ඒ අනුව කටාරය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදිය චෝදනා කරමින් සම්බාධක පැනවූ අතර ඉන් කටාරයේ ආර්ථිකයට බලපෑම් එල්ල කිරීමයි මූලික අපේෂාව වූයේ.

සෞදියට සහය දක්වමින්, කටාර් රාජ්‍යයට එරෙහිව ඇයි හොඳයිකම් නැවැත්වීමට ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය ද කටයුතු කර අතර මෙම රටවල් එක් වී, කටාර් රාජ්‍යයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් කටාර් රාජ්‍යය දැඩි අසීරුතාවයකට පත් කිරීමට බලාපොරොත්තු වුවත් සිදුවූයේ කටාරය තව තවත් ශක්තිමත් වීමයි.

ඒ සම්බන්ධයෙන් පසුගියදා සෞදි ඔටුන්න හිමි කුමරු විසින් ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ලකකර තිබූ අතර සම්බාධක මැද කටාරයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පැසසුම්ද ලබා දී ඇත.

කෙසේ වෙතත්,  කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී  විසින් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඊජිප්තුව සහ කටාරය අතර පවතින අර්බුදය ‘පහව යනු’ ඇති බවයි.

සෞදිය සහ ඔවුන්ට හිතවත් රටවල් කටර් රාජ්‍යය සමඟ අමනාප වී, එරටට සම්බාධක පනවා හුදෙකලා කර තිබේ.

සම්බාධක ඇතත් නැතත් රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණය ගොඩනැඟී තිබෙන බවත් එය කිසිඳු අයුරකින් වෙනසක් නොකර දිගින් දිගටම පවත්වාගෙන යාමටත් හැකි බවයි එමීර්වරයා පෙන්වා දී ඇත්තේ.

දිගටම තෙල් විකිණීමේ කටයුතු සිදු කරන බවත්, බලශක්ති අපනයනකරුවකු විදියට කටාරය ලොව අංක එකේ ස්ථානයක පසුවන බවත් කටාර් එමීර්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435