කටාර් ඇතුළු තවත් රටවල් කිහිපයකින් ලාංකිකයින් 426ක් දිවයිනට

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 426 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජර්මනියේ සිට ගුවන් යානා 04 කින් එම පිරිස අද (26) අලුයම කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වෙත පැමිණි බව අප වාර්තාකරුවන් පවසයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 23 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සහ ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට ශ්‍රී ලාංකිකයන් 102 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

කටාර් රාජ්‍යයේ දෝහා සිට 279 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණ ඇත.

ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණයවලට ලක්කිරීමේන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව අප වාර්තාකරුවන් වැඩිදුරටත් කියා සිටියි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435