කටාර් කාලගුණය අයහපත් – දැඩි සුළං සමඟ ගිගුරුම් වැසි [VIDEO]

කටාර් රාජ්‍යයේ කාලගුණක තත්ත්වය පසුගිය දින කිහිපය තුළ සිටම ඉතා දරුණුව රට තුළට බලපා තිබූ අතර ඒ හේතුවෙන් ගමනා ගමනයන් ඇණ හිටීම මෙන්ම ජන ජිවිතයටද හානි පමුණුවන ලදී.

ඉදිරි කාලයේදීත් මෙම අයහපත් කාලගුණික තත්ත්වයට රටට බලපෑ හැකි බවත් ක්ෂණිකව හටගන්නා දැඩි සුළං සමඟ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

එමෙන්ම්, ගිගුරුම් සහිත අකුණු ගැසීම්, කුණාටුමය තත්ත්වයක්, වෙරළ දෙසින් හමා එන ප්‍රචණ්ඩ සුළන්ද අපේක්ෂා කළ හැඛි බැවින් ආරක්ෂාකාරීව නිවෙස්වල වෙසෙන ලෙස කටාරයේ ජීවත්වෙන සැමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත.

තවද, තද සුළන් සමඟ වර්ෂාව බලපැවැත්විය හැකි බැවින් එවැනි අවස්ථාවලදී මාර්ගවල ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත් අවවාදකර තිබේ.

විශේෂයෙන් රිය ධාවනයේදී, එළිමහනේ සේවය කිරීමේදී ප්‍රවේශම්විය යුතු අතර වෙරළාසන්නව ගැවසී සිටීමෙන් වළකින ලෙසත් සිහිපත්කර දෙයි.

කාලගුණික තත්ත්වය දිනෙන් දින වෙසස්වෙන සුළු බැවින් ඒ ගැන සැලකිල්ලෙන් පසුවෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දිනෙන් දින නිකුත්කරන නිවේදන ගැනද සැලකිලිමත්වෙන ලෙසත් වැඩිදුරටත් දන්වා තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435