කටාර් හා ජපානයේ සිට ලාංකිකයින් 47ක් යළි දිවයිනට එයි

ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි කොවිඩ් වසංගතය නිසා ඒමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස අදාළ රටවල සිට ගුවන් යානා දෙකකින් මෙරටට පැමිණි බව අප වාර්තාකරු පවසයි.

කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු සිටින අතර ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

මේ අතර ගාල්ල වරායේ නවතා ඇති නැවක සේවය කළ ඉන්දීය ජාතික නාවිකයන් 58 දෙනෙකු අද ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානයක් මගින් රැගෙන යාමට නියමිත බවද වාර්තා වේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435