කටුනායකට එන ගුවන් මඟීන්ට ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල භාවිතා කරන ගුවන් මඟීන් සඳහා විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව නිවේදනය කර තිබේ.

අදාල නිවේදනය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ගුවන් හමුදාව ප්‍රකශ කරන්නේ ආරක්ෂාව තර කිරීමත් සමඟ මඟින්ට ඇතිවූ අපහසුතාවයන් මඟ හරවා ගැනීමට මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය දිනකිහිපය තුළ විදෙස්ගතවීම සඳහා ගුවන්තොටුපළවෙත පැමිණෙන මඟීන්හට ඔවුන්ගේ වාහනවල සිට ගුවන්තොටුපළ පර්යන්තය දක්වා මෙන්ම විදෙස් රටවල සිට පැමිණෙන මඟීන් ගුවන්තොටුපළ පර්යන්තයේ සිට ඔවුන්ගේ වාහන වෙත සැළකිය යුතු දුර ප්‍රමාණයක් ඇවිද යාමට සිදුවිය.

කෙසේ වෙතත් එම අපහසුතාවයන් අවම කරමින් මේ වනවිට ගුවන් තොටුපළ පිවිසීමේ සහ පිටවීමේ දොරටු දක්වා රථවාහන ගමන් කිරීමට අවසර ලබා දී ඇත.

එමෙන්ම ගුවන්තොටට පැමිණෙන මඟීන් සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් ක්‍රමවේදයක් සලසා ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435