කටුනායක ගුවන්තොටුපලින් යන එන මඟීන්ට විශේෂ දැනුවත් කිරීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක කරමින් තිබූ ආරක්ෂක වැඩපිළිවෙළෙහි පියවර කිහිපයක් අද සිට  ලිහිල් කර ඇති බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා  පැවසීය.

ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිටත්වීම සහ පැමිණීම වෙනුවෙන් පැමිණෙන එක් ගුවන් මගියෙකුට තමන් සමඟ අමුත්තන් දෙදෙනෙකුට, ගුවන් තොටුපළ පිටත්වීමේ හෝ පැමිණීමේ පර්යන්තවල ඇති ආලින්ද (ලොබි) වෙත පිවිසීමට අවසර ලබා දී තිබේ.

මීට පෙර ආරක්ෂක හේතූන් මත ගුවන් මගීන්ට හැර, වෙනත් කිසිවෙකුට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළ පිහිටි ආලින්ද වෙත ඇතුළුවීම අත් හිටුවා තිබුණි.

ගුවන් තොටුපළ තුළ පිහිටි පිටත්වීමේ දොරටුව ද ඊයේ  (10) දින දහවල් 12.00 සිට යළිත් විවෘත කර ඇති බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.

රටේ සහ විශේෂයෙන්ම ගුවන් තොටුපළ පිළිබඳව ආරක්ෂක අංශය සිදු කළ සමාලෝචනයන්, විශ්ලේෂණයන් සහ නීරීක්ෂණය මෙම තීරණ ගැනීම සදහා ඉවහල් වී තිබේ.

මෙම ආරක්ෂක ගැටළු ඇති වීමට පෙර ගුවන් මගීන් වෙනුවෙන් පිටත්වීමේ සහ පැමිණීමේ ආලින්දයන් වෙත සීමාකිරීමකින් තොරව, ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන අමුත්තන්ට පිවිසීමට හැකියාව තිබුණි.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435