කටුනායක ගුවන්තොටේ වෙනසක් -ගුවන්තොටට යන එන අයට විශේෂයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය ඊයේ (15) දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් සදහා විවෘත කළ බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ පිටත්වීම සදහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එන එක් ගුවන් මගියෙකුට , අමුත්තන් තිදෙනකු කැදවා ගෙන ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු විය  හැකිය .

එසේ පැමිණෙන සියලු අමුත්තන් මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය වන අතර , අනෙකුත් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කරමින් ඔවුන් පිටත්වීමේ පර්යන්තය වෙත ඇතුළු විය යුතුය .

එසේ පැමිණෙන බාහිර අමුත්තන් සියලු දෙනා හට අත් සෝදා ගැනීමට පහසුකම් ද ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය අසළ සකස් කර ඇති බවද සභාපතිවරයා පැවසීය .

එසේම මුඛ ආවරණ නොමැතිව පැමිණෙන බාහිර අමුත්තන් හට , ඒවා පහසු මිලකට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ද සළසා තිබේ .

මෙසේ ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් , ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය සදහා ඇතුළු වීමට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු අතර , එවැනි එක් ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 300 කි .

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    ඉතා හොඳ වැඩක් නිවාර්යෙන්ම මේ වගේ ක්‍රියාමාර්ග තිබිය යුතුයි මේ වසංගතය බොහෝ වනයක වලක්වා ගනිමට. බුදු සරණයි ,

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435