කටුනායක ගුවන්තොටේ සිදුවෙන ජාවාරමක් ගැන තොරතුරු එළියට

උත්සව සමය ආරම්භ වීමත් සමඟ කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිසක් අද දෙරණට වාර්තා කරයි.

මෙයට ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන සේවකයින් මෙන්ම, ගුවන් තොටුපළට අත්‍යවශ්‍ය සේවා සපයන ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ද මෙම ජාවාරම සම්බන්ධ වී සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.

නිදසුනක් ලෙස “වැට් – 69“ වර්ගයේ විස්කි බෝතලයක් තීරු බදු රහිත මිලට රුපියල් 3,100 කට මිලදී ගන්නා මොවුන් , පසුව එය ගුවන් තොටුපළ තුළදීම රුපියල් 4,200 කට අලෙවි කරන බවද මොවුන් පවසති.

මොවුන් මෙම මත්පැන් බෝතල් විවිධ රථ වාහන යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල පවත්වා ගෙන යනු ලබන  මත්පැන් අලෙවි සැල් වෙත තොග වශයෙන් අලෙවි කිරීමේ යෙදී සිටින බවද ගුවන් තොටුපළ සේවකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.

(උපුටා ගැනීම- අද දෙරණ)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435