කටුනායක ගුවන්තොට අලුත් වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නව ගුවන් යානා අංගනයක් ඉදි කිරීම ආරම්භ කර තිබේ.

දැනට පවතින ගුවන් යානා අංගනය තුළ ගුවන් යානා 24ක් පමණක් නවතා තැබිය හැකි අතර නව ගුවන් යානා අංගනය ඉදිකිරීමෙන් පසු තවත් ගුවන් යානා 25ක් පමණ නවතා තැබීමට හැකිවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසන්නේය.

මෙමගින් ගුවන්තොටුපලින් ගුවන්ගත වන හා ගොඩබසින ගුවන් යානා වලට දැනට ඇති වී තිබෙන තදබදය හා ගැටලුකාරී තත්ත්වය විසදා ගැනීමට හැකි වන බව  එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම නව ගුවන්යානා අංගනය ඉදි කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ගුවන්තොටුපල පරිහරණය කරන ගුවන් මගීන්ගේ පහසුව  සඳහා පිටවීමේ හා පැමිණීමේ පර්යන්ත නවීකරණය කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435