කටුනායක ගුවන් තොටේදී නොමිලේම ලබා ගන්න පුළුවන් නව පහසුකමක්

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට නොමිලේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර ගැනීමට සහ ඒවායේ ප‍්‍රතිඵල නිකුත් කිරීමට නවතම වෛද්‍ය රසායනාගාරයක් එම පරිශ‍්‍රය තුළම විවෘත කර තිබෙනවා.

අනුක ජීව විද්‍යා රසායනාගාරය ලෙස නම් කර ඇති එය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත  භාරදීම අද උදෑසන සිදුකෙරුණා.

එම රසායනාගාරය තුළ ඡුක්‍ඍ පරීක්ෂණ යන්ත‍්‍ර 02 ක්, න්‍යෂ්ටික අම්ල වෙන්කර ගැනීමේ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 02 ක් සහ ආරක්ෂිත කැබිනෙට්ටු 03 ක් ද ස්ථාපිත කර තිබෙනවා.

මෙම රසායනාගාරය තුලදී දිනකට ගුවන් මගීන් 500 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකළ හැකි බවයි වාර්තා වෙන්නේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435