කටුනායක වෙළඳ කලාපයේ ඒ. ටී. ජී වෙනුවෙන් දිනක විරෝධතාවයක්

මාසයක් ගතවී ඇති කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඒ. ටී.ජී. සිලෝන් සේවක වැඩවර්ජනයට සහාය දැක්වීමේ එක්දින විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සිදුනම් කරමින් සිටී.

සේවක සේවිකාවන් 500 කට ආසන්න සංඛ්‍යාවක් 2019 ජනවාරි මස 11 වන දින සිට ගෙනයන වැඩ වර්ජනයට මෙතෙක් විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත්වී ඇත.

ලේ දන්දීමේ උත්සවයක් පිළිබඳව ප‍්‍රචාරක පත‍්‍රිකාවක් ආයතන කැටපත් පවුරේ ප‍්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත සිද්ධිය ඇතිවී වසර 02 ක ට පසුව අප සංගම් ශාඛාවේ සභාපති, සංවිධායක, උප ලේකම් ඇතුළු ක‍්‍රියාකාරීන් 05 දෙනෙකු සේවයෙන් පහ කිරීම නිසා එම වැඩ වර්ජනය ඇති වූ අතර එසේ සේවකයින් සේවයෙන් පහ කිරීම නීතිවිරෝධී බැවින් යළි සේවයට ගන්නා ලෙස කම්කරු කොමසාරිස් කළ යෝජනාව ද සමාගම විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

2019 ජනවාරි මස 31 වන දින කම්කරු කොමසාරිස් ජනරාල් ඉදිරිපිටදී පැවති සාකච්ඡුාවේදී සමාගමේ නියෝජිතයින් පැවසූයේ සේවයෙන් පහ කළ 05 දෙනාට පමණක් නොව වැඩ වර්ජනයේ යෙදී සිටින සියළුම සේවක සේවිකාවන්ට වන්දි ගෙවා සේවයෙන් පහ කිරීමට තමන් සූදානම් බවය. දේශීය හා විදේශීය ආයෝජකයින් විසින් රටේ කම්කරු නීති සමච්චලයට ලක් කරමින් වෘත්තීය සමිති මර්ධනය කිරීමට ඇති සූදානම මින් ප‍්‍රදර්ශනය කර ඇති අතර එවැනි දරදඩු හාම්පුතුන් ඉදිරියේ ආණ්ඩුව සහ බලධාරීන් නිහඞතාවය රකිමින් ද සිටී.

රටේ දුප්පත්කම නැති කිරීම සඳහා යැයි පවසමින් යුරෝපා සංගමය ලබාදුන් ඨීඡුූ බදු සහනය ද භුක්තිවිඳික මෙම සමාගම් හිමියන් අනුගමනය කරන මෙම පිළිවෙත ඨීඡුූ බදු සහනයට අදාල කොන්දේසි ඍජුවම උල්ලංඝණය කිරීමක් වුවද ආණ්ඩුව එ් පිළිබඳ තීරණ ගැනීමට සූදානම් නැති බව පෙනී යයි. මෙම තත්ත්වය නිදහස් වෙළඳ කලාපවලට පමණක් නොව සමස්ථ කම්කරු පංතියේ මූලික අයිතිවාසිකමක් වන සංවිධානයවීමේ සහ සාමූහික කේවල් කිරීමේ අයිතිය උදුරා ගැනීමක් වේ.

මෙම තත්ත්වයට විරෝධය පෑම සඳහා ඒ .ටී.ජී. සේවක වැඩවර්ජනයට පුළුල් සහයෝගයක් ජාතික මට්ටමින් විරෝධතාවක් පැවැත්වීම්ට නිදහස් වෙළඳ කලාප සහපොදු සේවා සේවක සංගමය කටයුතු සුදානම් කරමින් සිටී.

ඒ සඳහා සියළුම වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන වල සංවිධානයක් ගොඩනැගීමට දැන්ටමත් කටයුතු කර ඇති අතර, එම විරෝධතා දිනය ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බව එම සංවිධානය පවසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435