කටුනායක වෙළෙඳ කලාපය දැඩි අනතුරක

කටුනායක වෙළෙඳ කලාපයේ සේවය නියුතුව සිට මෙතෙක් ගම්බිම් බලා නොගිය කාන්තාවක් කොරෝනා වෛරස් රෝගය ඉස්මතුවී අයි.ඩි.එච්. රෝහල වෙත යවා ඇත. එම රෝගී කාන්තාව 06 වනදා සවස හමුවී ඇති බව කටුනායක පොලීසිය පවසයි.

මේ වන විට එම කාන්තාව ඇවරිවත්ත ශෛලබිම්බාරාම විහාරයේ පැවති බෝධිපූජා පිංකම් දෙකකට සහභාගී වී ඇති බවත් බෙහෙත් ලබා ගැනීමට ඇවරිවත්ත ෆාමසියකට ගොස් ඇති අතර තමන් හිතවත් නිවෙස් දෙකකට සහ වෙළෙඳසලකටද ගොස් ඇති බවත් සොයාගෙන ඇත.

මේ වන විට ඇවරිවත්ත ශෛලබිම්බාරාම විහාරයේ භික්ෂුන් වහන්සේ තිදෙනෙක් ඇතුළු හත් දෙනෙක් නිරෝධායනයටද ෆාමසිය, නිවාස දෙකක්, බඩුබාහිරාදිය ලබාගත් වෙළෙඳසලට පොලීසිය විසින් මුද්‍රාතබා ඇත. මෙම රෝගියා සොයාගෙන රෝහල වෙත යොමුකිරීම සහ අවශ්‍ය ස්ථාන මුද්‍රා තැබීම කටුනායක පොලීසියේ කොරෝනා වෛරස් මැඩලීමේ ඒකකයේ පොලිස් සැරයන් 55450 තිවන්ක මහතා සහ සීදූව මහජන සෞඛ්‍ය නිලධාරීන් සමගින් සිදුකර ඇත.

මෙලෙස හමුවූ කොරෝනා රෝගී කාන්තාව කුරුණෑගල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක් බවද පැවසෙන අතර මේ වන විට කටුනායක පොලීසියද ඉතා අවදානමකට පත්ව ඇති බව පැවසෙන පුවතක්ද අනාවරණය වන්නේ නේවාසිකව සිටින තම නිවාසවලට නොගිය අය නිවෙස් කරා යාමට අවසර ඉල්ලා පොලීසිය වෙත ආරක්ෂාවකින් තොරව පැමිණෙන හේතුවෙන් බව පොලීසියේ උසස් නිලධාරියෙක් පවසා සිටී.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435