කටුනායක සිරවුණු සේවක පිරිස් තදබදය ඉහළ යයි!

බලධාරීන් විසින් අනුමාන කළ පිරිසට වඩා වැඩි පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ආශ්‍රිතව සිරවී සිටීම නිසා ගම්බිම් බලා යාමට පැමිණි පිරිස් තවමත් දැඩි නොසන්සුන්තාවකට හා තදබදයකට ලක්ව ඇතැයි අප වාර්තාකරු පවසයි.

ඊයේ පැවති කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ආයෝජන මණ්ඩලයේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ වෙළඳකලාපය ආශ්‍රිතව ගම්බිම් කරා යා නොහැකිව පීඩාවට පත්ව ඇත්තේ 500ක පමණ පිරිසක් බවයි.

ඒ නිසාම එවන් පිරිසක් ගම්බිම් කරා යැවිය හැකි අයුරින් ප්‍රවාහන පහසුකම් තක්සේරු කර තිබුණද අද (27) අලුයම පහ පමණ වනවිට දහස් ගණනින් යුතු පිරිසක් ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසළට එක්රොක් වී සිටි බවත්, නගරය පුරා ඔවුන් විසිරී සිටි බවත් අප වාර්තාකරු පවසයි.

ආයෝජන කලාපයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් කෙරෙහි පමණක් ඔවුන් තක්සේරු කළද, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය, ඔවුන්ගේ පවුල්වල උදවිය, මෑන් පවර් සේවකයින් ආදිය එක්වූ විට මේ පිරිස සංඛ්‍යාත්මක වශයෙන් බොහෝ ඉහළ ගොස් තිබේ.

මේ නිසාම මේ වන විට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ආශ්‍රිතව දැඩි නොසන්සුන්තාවක් හා තදබදයක් නිර්මාණය වී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435