කම්කරු අයිතීන් රැකගැනීමට එක්වෙමු!

මේ රටේ වැටුපට වැඩ කරන ජනතාවට තමන්ගේ සේවා සහ ජීවන ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා ගැනීමට හැක්කේ වෘත්තීය සමිති වශයෙන් සංවිධානයවී ගොඩනගා ගන්නා ශක්තිය මත පමණි. ඒ හයිය සමග ගොවි, ධීවර සහ සෙසු ජනතාව සමග පොදු ඉල්ලීම් හා අවශ්‍යතා වෙනුවෙන් ගොඩ නගා ගන්නා සහයෝගී පෙළ ගැසීම් සමගය.  එබැවින් මේ දේශපාලන අස්ථාවරත්වය තව දුරටත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනකට ඉඩ නොතබා අපගේ සංවිධානාත්මක ශක්තිය වෙනුවෙන් අපේ මූලික ඉල්ලීම් සඳහා එකතු වන ලෙස ඉල්ලා සිටින බව  නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සඳහන් වන්නේ, මේ වනවිට රට යම් ආකාරයක අරාජිකත්වයකට තල්ලූ වෙමින් තිබේ. පාර්ලිමේන්තුව කල් තැබීමට වඩා ආණ්ඩුවක් රහිත රටක් ලෙස බොහෝ රජයේ ආයතන අරාජික තත්ත්වයකට හා බලහත්කාර කණ්ඩායම්වල තීන්දු වලට ගොදුරු වෙමින් පවතී. එයට එකම හේතුව ඉකුත් ඔක්තෝම්බර 26 වන සිකුරාදා රාත‍්‍රී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත්කර, හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නව අගමැති ලෙස පත් කිරීම

එය ව්‍යවස්ථාමය වශයෙන් පිළිගත හැකි පියවරක් කරගැනීමේ එකම සාධකය වනුයේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තහවුරුකර පෙන්වීමය. පාර්ලිමේන්තුව ලබන නොවැම්බර 16 තෙක් කල් තබන්නේ ඒ සංඛ්‍යාව අහුලා ගැනීමට ය. මේ පාර්ලිමේන්තු ක‍්‍රමයෙහි එවැනි වැට පැනීම්, පුටු මාරු කිරීම් අපමණ සිදුව ඇත. දිගින් දිගටම ආණ්ඩු මාරු නොතකා ඇමතිකම් කළ දේශපාලනඥයින් ඇත. මෙය 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන්ද සිදු කළ ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයකි. එවිටද බහුතර බලයක් නොමැති විපක්ෂ නායක අගමැති ලෙස පත්කරනු ලැබූයේ ජනාධිපති ධූරයේ හයියෙන් පාර්ලිමේන්තු බහුතරය හැදීමටය.

එවැනි බාල දේශපාලන සංස්කෘතියක් සඳහා ඉඩ තැබීමෙන් හැම විටම, ආණ්ඩු පත් කිරීමේ ජනතා පරමාධිපත්‍ය දේශපාලනඥයින් විසින් අහෝසි කරනු ලබන්නේය. ජනතා පරමාධිපත්‍ය අන්සතු කළ නොහැකි ව්‍යවස්ථාමය අයිතියකි. නව ආණ්ඩුවක් පත් කිරීමේ අයිතිය සහ බලය ඇත්තේ මේ රටේ ජනතාවටය. ජනතාවගේ ඒ පරම අයිතිය උදුරාගෙන ජනාධිපතිවරයාට ඔහුගේ දේශපාලන වුවමනාවන් මත ආණ්ඩු වෙනස් කිරීමට ඉඩ නොතැබිය යුතු යැයි අපි තරයේ විශ්වාස කරමු.

මේ යහපාලන ආණ්ඩුව සමග සේවක අයිතිවාසිකම් සහ වෘත්තීය සමිති ලෙස අපට බරපතල ගැටළු ඇත. එළෙසින්ම මේ ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත සමගින් රුපියලේ අගය කඩා වැටීමත් ජීවන වියදම සීඝ‍්‍රයෙන් ඉහළ නැගීමත් මූලික සේවා බිඳ වැටීමත් සමග අපටත් රටේ ජනතාවටත් ඇත්ත ප‍්‍රශ්න ඇත. මේ ආණ්ඩුව පිළිබඳව තීන්දු ගැනීමේ අයිතිය එබැවින් ඇත්තේ මේ රටේ කම්කරු පංතියට සහ ජනතාවටය. මේ ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණ මගින් ආණ්ඩු වෙනස් කිරීමට සහ ආණ්ඩු පත් කිරීමට රටේ ජනතාවට  තිබෙන පරම අයිතිය උදුරා ගැනිමට ඉඩ දීමෙන් සිදුවන්නේ අපට හිමි මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතිවාසිකම් අහෝසි කිරීමට ඉඩකට සැළසීමයි.

ඒ නිසා ආණ්ඩු පත් කිරීමට සහ වෙනස් කිරිමට පරමාධිපත්‍ය අයිතියට ඉඩ දෙමින් වහාම මහ මැතිවරණය කැඳවා එ් පිළිබඳව තීරණයක් ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබා දිය යුතු යයි අප ඉල්ලා සිටින්නෙමු.

මේ රටේ වැටුපට වැඩ කරන ජනතාවට තමන්ගේ සේවා සහ ජීවන ප‍්‍රශ්න සඳහා විසඳුම් ලබා ගැනීමට හැක්කේ වෘත්තීය සමිති වශයෙන් සංවිධානයවී ගොඩනගා ගන්නා ශක්තිය මත පමණි. ඒ හයිය සමග ගොවි, ධීවර සහ සෙසු ජනතාව සමග පොදු ඉල්ලීම් හා අවශ්‍යතා වෙනුවෙන් ගොඩ නගා ගන්නා සහයෝගී පෙළ ගැසීම් සමගය.  එබැවින් මේ දේශපාලන අස්ථාවරත්වය තව දුරටත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනකට ඉඩ නොතබා අපගේ සංවිධානාත්මක ශක්තිය වෙනුවෙන් අපේ මූලික ඉල්ලීම් වන,

* සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සුරක්‍ෂිත කර ගැනීම,

* සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල, පාරිතෝෂික දීමනාවන්ට බදු අයකිරීම් ඉවත් කර ගැනීම

* ජාතික අවම වැටුප රු. 25,000/= කර ගැනීම,

* සියළුම සේවකයින්ගේ වැටුප රු. 11,500/= කින් වැඩි කර ගැනීම,

* කම්කරු දෙපාර්තමේන්තුව කම්කරු නීති කි‍්‍රයාත්මක කරන ආයතනයක් ලෙස තහවුරු කර ගැනීම.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435