සමිති කම්කරු උපදේශක සභාවෙදී විශේෂ ප්‍රකාශයක් කිරීමට යයි

නොවැම්බර් මස 13 වන දින පැවැත්වීමට නියමවී ඇති ජාතික කම්කරු උපදේශන සභා රැස්වීමට සහභාගීවීමට මෙවර වෘත්තීය සමිති විසින් තීරණය කර තිබේ. මීට පෙරාතුව අවස්ථා කිහිපයකදී වෘත්තීය සමිති විසින් මෙම ජාතික කම්කරු උපදේශක සභා රැස්වීම වර්ජනය කළ බැවින් මෙවර තීරණය කුමක්දැයි වැඩබිම විසින් කළ විමසුමකදී ජේ‍ය්ෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු කියා සිටියේ 7වනදා පැවති සාකච්ඡාවේදී මෙවර සහභාගි විය යුතු බවට තීරණයක් ගත් බවයි.

එසේ වුවද මෙම වසරේ අවස්ථා කිහිපයකදීම මෙම රැස්වීම නොපැවැත්වුණු බැවින් හා වර්ෂය මුලදී පාර්ශවකරුවන් හා එකඟ වූ කාල වකවානු වලට අනුව රැස්වීම් අඛණ්ඩව පැවැත්විය යුතු බවට අමාත්යිවරයාට ලිපියක් යොමුකිරීමටත්, ආණ්ඩුවේ පාර්ශවයෙන් දිගින් දිගටම ඉටු නොවුණු කාරණා සම්බන්ධයෙන් වාර්තාවක් අමාත්ය්වරයාට බාරදීමටත් මෙම සාකච්ඡාවේදී එකඟවූ බව හෙතෙම සඳහන් කළේය.

එලෙසම වෘත්තීය සමිති විසින් පසුගිය අවස්තාවන් හිදී රැස්වීම් වර්ජනය කිරීමට බලපෑ හේතු කාරනා හා සමිති වල ඉදිරි ස්ථාවරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමේ කාර්යය ලංකා වෘත්තීය සමිති සමිති සම්මේලනයේ ඩි.ඩබ්.සුබසිංහ මහතා වෙත පැවරිණ. වැඩ වර්ජනය කිරීමේ අයිතිය පිළිබඳව ජගත් කම්කරු සංවිධානයේ ILO නඩු තීන්දුවේ නිර්දේශ ක්‍රියාවට නැංවීම පිළිබඳවත්, අසාධාරණ කම්කරු පිළිවෙත් වැළැක්වීමේ 1999 අංක 56 දරන කාර්මික ආරවුල් පනතට ගෙන ආ යුතු සංශෝදන පිළිබඳව ද සාකච්චා කෙරින.

රැස්වීමේ සුවිශේෂී කරුණක් වුයේ අදාළ විෂයේ වැදගත්කම සලකා සියලු ජාතික කම්කරු උපදේශක සභා සාමාජික වෘත්තීය සමිති සහභාගී වී සිටියදී රජයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා ලංකා කම්කරු කොන්ග්‍රසයේ කිසිදු නියෝජිතයකු මෙම රැස්වීමට සහභාගී නොවීමයි.

 

 

 

වැඩබිම

 

සබැඳි පුවත්

කම්කරු උපදේශක සභාව ගැන තීරණයක් ගන්න සමිති අද රැස්වෙයි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435