කම්කරු උපදේශක සභාව ගැන තීරණයක් ගන්න සමිති අද රැස්වෙයි

ටි.එම්.ආර් රෂ්ඩීන් (සභාපති, ලංකා කම්කරු සම්මේලනය)

  • ජාතික කම්කරු උපදේශක සභාවේ ඊළඟ රැස්වීම කවදද?

නොවැම්බර් මාසේ 13 වෙනිදා තමයි තියෙන්නේ. කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වෙන එම අවස්ථාවට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.

  • මීට පෙරාතුව වෘත්තීය සමිති විසින් මෙම උපදේශක සභා රැස්වීම වර්ජනය කළා. මේ සැරේ කුමක් වෙයිද?

තාම ඒ ගැන නිශ්චිත තීරණයක් නෑ. වෘත්තීය සමිති හැටියට අපි ඒ ගැන වෙන වෙනම සාකච්ඡා කරමින් ඉන්නවා. ඒත් රැස්වීම තියෙන්නේ 13 වෙනිදා නිසා එදාට ගනු ලබන තීරණය ගැන ඊට කලින් අපට එකඟතාවයක් හදාගන්න වෙනවා. ඒ නිසා ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් මීළඟ 07 වෙනිදා රැස්වෙලා සාකච්ඡා කරනවා.ඒ සාකච්ඡාවලින් පසුව 13 වෙනිදට ගන්නේ මොනවගේ තීරණයක්ද කියලා එකඟතාවයකට එනවා.

  • රජය සමග එකඟතාවයන් ඇති කරගත යුතු කරුණු මොනවාද?

මීට පෙරාතුව වගේම කම්කරු ප්‍රඥ්ඥප්තිය තියෙනවා. ඒ වගේම කම්කරුවන්ට වර්ජනයක් කිරීමට ඇති අයිතිය පිළිබඳ සාකච්ඡාව මේ මොහොතේ අතිශය තීරණාත්මකයි. 2010 වරාය වැඩවර්ජනය සම්බන්ධයෙන් 2012 දි ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිලි කොට එයින් කම්කරුවන්ගේ අයිතිය තහවුරු කරමින් දුන්නු නියෝගය තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන ලෙස ඒ අය ආණ්ඩුවට බලපෑම් කරනවා.ඒ වගේ මොහොතක අනිත් පැත්තෙන් වර්ජනය කිරීමේ අයිතිය ආණ්ඩුව උදුරා ගනිමින් සිටිනවා.පොරොන්දුවෙලා වැඩක් නෑ. ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් ඕනෑ.

  • පහුගිය කාලයේ සාකච්ඡාවට ලක්වුණු ඊ.ටී.එෆ්/ඊ.පී.එෆ් ගැටළු විසඳුණාද?

නෑ. අපි විසින් සාකච්ඡා කළ යුතු හා අරගලය කළ යුතු විසඳා නොගත් තවත් ගැටළුවක් ඒක. අනිත් පැත්තෙන් මෑන් පවර් සේවකයින්.මේ ගැටළු පිළිබඳ තැන තැන හුදකලාව කරන සටන් වෙනුවට පොදු එකඟතාවයක් මත සිදුකරන සටනක් අවශ්‍යයි. ඒක නිසා 07 වෙනිදා සාකච්ඡාවෙන් අපි අපි අතරම යම් එකඟතාවක් හදාගෙන ඉදිරිය ගැන තීරණයක් ගන්නවා.

  • සියලුම වෘත්තීය සමිති පොදු එකඟතාවයකට ගෙන ඒමට හැකියාවක් තියෙනවද?

විවිධ මතිමතාන්තර, අඩු ලුහුඬුකම් මධ්‍යයේ වුවත් එකඟවිය හැකි මහා පොදු සාධක තියෙනවා. මීට පෙරාතුව වුණත් කම්කරු උපදේශන සභාව වර්ජනය කිරීමට සියලුදෙනා එකඟවුණේ ඒ මොහොතේ පොදුවේ ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ගයක් හැටියටයි. ඒ නිසා උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 16 ක් පමණ තියෙනවා. මේ හැමෝටම 07 වෙනිදා සහභාගිවෙන්න කියලා ආරාධනා කරලා තියෙනවා. එන අය සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.

  • මෙවර අයවැය ගැන මොකද කියන්නේ?

ජනතාවට සුළු සහනයක් හෝ දී තිබේනම් ඒක 2015 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගත් ඡන්ද ගුණ්ඩුවක් විතරයි. පුද්ගලික අංශයේ සේවකයාට කිසිදු ප්‍රතිලාභයක් නෑ.ඒක තනිකරම පැණි තවරපු අබිං වගේ එකක්. ඒ සම්බන්ධයෙන් ලංකා කම්කරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන වැඩිදුර කියන්න දෙයක් නෑ.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435