කම්කරු දෙපාර්තමේන්තු කටයුතු ජන්ජාලයක් ලු?

කම්කරු දෙපාර්තමේන්තුවේ මතුව ඇති පරිපාලන අක‍්‍රමවත්බව තුලින් ගැටළු රැසක් ඇතිවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා‍ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එහි මෙසේද සඳහන්ය.

මෙරට වැඩකරන ජනතාවට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකි රාජ්‍ය ආයතනයක් වශයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීම අතිශය ඉහළ බව සියලුදෙනාගේ පිළිගැනීමයි. එවන් ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති කම්කරු දෙපාර්තමේන්තුවේ පැනනගින පරිපාලනමය දෝෂ හා දුර්වලතා මෙරට වැඩකරන ජනතාව දැඩි අපහසුතාවයට පත් කිරීමට හේතුවන බව කිවයුතු නොවේ. මෙම ලිපිය මගින් මූලිකව ඔබගේ අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ කාර්මික ආරවුල් පිළිබඳව මැදිහත් වන කම්කරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානම අංශය වන කාර්මික සබඳතා (Industrial Relation) අංශයේ වැඩකටයුතු සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳවයි.

කාර්මික ආරවුල් නිරාකරණය කරලීමට ඉතා ක‍්‍රමවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මෙම අංශයේ කි‍්‍රයාත්මකව තිබුණි. නමුත් මේ වනවිට කාර්මික ආරවුල් නිරාකරණය කිරීමේ මූලික වගකීම කාර්මික සබඳතා අංශයෙන් ඉවත් කොට දිස්ති‍්‍රක් සහකාර කම්කරු කොමසාරිස්වරුන්/වරියන් වෙත එම වගකීම පවරා ඇත. මෙම ක්‍රියාව හේතුවෙන් කාර්මික ආරවුල් බරපතළ ලෙස ව්‍යාකූල වීමටත්, වර්ධනය වීමටත්, අවුල් වීමටත් පටන්ගෙන තිබෙන බව දන්වා සිටින්නෙමු.

අප සංගමයේ අදහස වන්නේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් (අර්ථසාධක අරමුදල්, භාරකාර අරමුදල්,පාරිතෝෂික ගෙවීම්, නිවාඩු) පිළිබඳව යම් ආරවුලක් නිරවුල් කිරීමට දිස්ති‍්‍රක් මට්ටමේ සහකාර කම්කරු කොමසාරිස්වරුන්ට බලතල විමධ්‍ය කොට පවරා දුන්නද, එයට වඩා බරපතළ කාර්මික ආරවුල් (උදා:වැඩවර්ජන, සාමුහික ගිවිසුම් උල්ලංඝණය, වැටුප් වැඩිකිරීම්, නිෂ්පාදන කි‍්‍රයාවලිය තුල ගැටළු) නිරවු කිරීමට මැදිහත් වීම කාර්මික සබඳතා අංශයේ පළමු මට්ටමේ වගකීමක් ලෙස පවතින බවය. එලෙස නොවීම තුළ දැනටමත් කම්කරු දෙපාර්තමේන්තුව පිළිබඳව තිබෙන වගකීම සම්බන්ධව ජනතාව අතර ගැටළු පැනනැගී ඇත. මෙය වැඩකරන ජනතාව දැඩි නොසන්සුන්තාවයට පත් කිරීමට හේතු වී තිබෙන බව දන්වා සිටිමු.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435