කළමණා සහකාර වැටුප් අරගලය

මොකක්ද මේ බලවේගේ
රාජ්‍ය සේවේ බලවේගේ
මොකක්ද මේ බලවේගේ
PMS බලවේගේ
     
අපේ සේවෙට තිබූ අයිතිය
2006 න් අහිමි කරල
පහළ හිටපු සේවා ටික
අපට වඩා උඩින් තියලා
     
අතීතයේ සුදු කරපටි
දැන් බෙල්ලට රතු තොන්ඩුව
අයිතිය වෙනුවෙන් අපගේ
අපි ආවා මහ පාරට
     
අපිට ඕන MN 4
අපිට ඕන විභාග ටික
අපිට ඕන අපේ නමක්
අපිට ඕන පිළිගැනුමක්
     
හැමදාමත් අපි රවටන
පරිපාලන බලධරයිනි
අපේ අයිතිය අපට දියව්
අපේ අයිතිය අපට දියව්
     
රජ සේවේට පනස් දහක්
අපේ සේවේට සතයක් නෑ
පොරොන්දු වූ කිසිදු දෙයක්
මේ වනතුරු දීලත් නෑ
     
රජ ගමනට පාර කපන්
අපෙ සේවේට ගරහනවා
කප්පරයක් බොරු පොරොන්දු
අපට දීලා හිනැහෙනවා
     
මොකටද මොකටද අපි ආවේ
MN 4  අපි ආවේ
අපෙ පොරොන්දු ඉටුවන තුරු
PMS අපි සටනේ
වැටුප බලන්නයි   අපි ආවේ
MN 4 ට අපි ආවේ
ඇමති කථාවෙන් 20 න් පස්සේ
බලමුළු සමගින් ආයෙත් එන්නේ
     
ඉහලට යන්නට ඇති මඟ අහුරා
දක්ෂයන්ට ඇති ඉඩ කඩ අහුරා
සේවෙට ලැදි සිත් සියල්ල අහුරා
සේවෙ විනාසෙට මංපෙත් හැදුවා
     
විභාග පහුකර සේවෙට ආවා
MN 2 දී මුල්ලට කෙරුවා
උපාධි කොලේට උන් අරගත්තා
MN හතරෙහි උන් පිහිටෙව්වා
     
කාර්යාලවල මුළු බර අදිනා
PMS අපි පාරට බැස්සා
වැටුප් දිනන්නට පෙරමග ගත්තා
සටන දිනන්නට කඳවුරු බැන්දා
     
කවුරුද කවුරුද අපිට කෙලින්නේ
රජ සේවයමයි අපට කෙලින්නේ
ඉදිරියේ දී ඒ බලය බිඳින්නේ
PMS ලා පෙරටම එන්නේ
     
අපට ඕන පිළිගැනුමක්
අපිට ඕන හොඳ හයියක්
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435