ක්ලීන් ක්ලෝත් කැම්පේන් ජාලයේ දකුණු ආසියානු සමුළුව සාර්ථකව අවසන් වේ

ක්ලීන් ක්ලෝත් කැම්පේන් නමැති ඇඟළුම් සේවක, සේවිකාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන ජාත්‍යන්තර ජාලයේ දකුණු ආසියානු කලාපීය සමුළුව පසුගිය දා නේපාලයේ කත්මන්‍ධු නුවර පවත්වන ලදී.

මෙම සමුළුවට ශ්‍රී ලංකාව, බංග්ලා දේශය, පකිස්ථානය, ඉන්දියාව, නේපාලය යන රටවල වෘත්තීය සමිති නියෝජිතයින් සහ බහුජන සංවිධානවල නියෝජිතයින් සහභාගී විය.

මෙම සමුළුවේ දී විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය කළ කරුණක් වූයේ ඇඟළුම් කම්කරුවන් සඳහා ජීවත් වීමට සරිලන වැටුපක් ලබා ගැනීමට ජාත්‍යන්තර වශයෙන් කි‍්‍රයාත්මක කළ යුතු නව සංකල්පයයි.

මෙම රැස්වීම තුලින් ක්ලීන් ක්ලෝත් කැම්පේන් ජාලයට අනුබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පමණක් පවත්වන ලද අතර මෙහි දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මානව හිමිකම් සංකල්පයන් උපයෝගී කර ගනිමින් ඇඟළුම් සන්නාම හිමි සමාගම් ඔවුන්ගේ රටවල නීතියෙන් බැඳමට සැළසෙන ආකාරයේ ජාත්‍යන්තර සංකල්පයක් සකස් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ක්ලීන් ක්ලෝත් කැම්පේන් ජාලයේ දකුණු ආසියානු කලාපීය සමුළුවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 4 කින් සහ ස්තී‍්‍ර මධ්‍යස්ථානය ඇතුළු බහුජන සංවිධාන 3 කින්  නියෝජිතයින් ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අතර ඉදිරි වසර 2 සඳහා එම කලාපීය මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයෙහි සමලේකම් ඇන්ටන් මාකස් සහෝදරයා තේරී පත් විය.

දමිත් ලක්මාල්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435