කාබන් බද්දටට එරෙහි ගිනිගත්හේනේ විරෝධතාවයක්

හැටන් ගිනිගත්හේන ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවහනය කරන පෞද්ගලික  බස් රථ සහ වැන් රථ හිමියන් කාබන් බද්දට එරෙහිව ගිනිගත්හේන නගරයේ රථ වාහන පෙළපාලියක් පවත්වමින් අද (03) සිය විරෝධය පළකරන ලදී.

පාසල් ළමුන් ප්‍රවහනය කර පාසල් වෙත හැරලවිමෙන් අනතුරව සියළුම පෞද්ගලික බස් රථ සහ වැන් රථ හිමියන් එක් වි ගිනිගත්හේන  නගර මධ්‍යයේ සිය බස් රථවල සහ වැන් රථ වල කළු කොඩි සහ පොස්ටර් ප්‍රදර්ශනය කරමින් රථ වාහන පෙළපාලියක් පවත්වමිනුයි මෙම විරෝධතාවලිය දක්වනු ලැබුවේ.

සමස්ත ලංකා අන්තර් දිස්‍ත්‍රික් පාසල් ළමුන්  ප්‍රවහන සේවා සංගමයේ ගිනිගත්හේන ශාඛාව මගින් මෙම රථ වාහන විරෝධතා පෙලපාලිය පවත්වනු ලැබීය.

පාසල් ළමුන් ප්‍රවහනය කරන පෞද්ගලික බස් රථ සහ වැන් රථ හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තම ප්‍රවහන කර්මාන්තය බාධක රැසක් සහ ආර්ථික අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන යන බවයි.

වාහනය නඩත්තු කිරිමට පවා විශාල මුදලක් වැය වන නිසා අලුතින් හදුන්වාදුන් කාබන් බද්ධ තමන්ට දැරිය නොහැකි බවයි.

රජය එම කාබන් බද්ධ ඉවත් කරගැනිමට කටයුතු නොකල හොත් දිවයින පුරා සියළුම පාසල් ළමුන් ප්‍රවහනය කරන බස් රථ සහ වැන් අයිතිකරුවන් සහ රියදුරන් කොළඹදි රථ වාහන පෙළපාලියක් පවත්වමින් දැඩි විරෝධතාවයක් පැවත්විමට සැලසුම් කර ඇති බවයි.

මූලාශ්‍රය – ලක්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435