කාම්බෝජ ඇඟලුම් සේවකයෝ ‍පොලිසිය සමග ගැටෙති

05 January 2014 – wedabima.lk

 

කාම්බෝජ ඇඟලුම් සේවකයන් පිරිසක් හා ‍පොලිසිය අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් සේවකයන් කිහිප දෙනකු තුවාල ලබා ඇති බවට වාර්තා වෙයි.

 

ඊයේ දිනයෙදී එරට අගනුවර වන ‍පොනොම්පින් හි මාර්ගයන් අවහිර කරමින් මෙම සේවකයන් විරෝධතාවක නියැළි ඇති අතර එහිදී එරට ‍පොලිසිය සමග මෙම ගැටුම හටගෙන ඇත. එහිදී සිදුවූ ‍පොලිස් වෙඩි තැබිම්වලින් සේවකයෝ කිහිප දෙනකු තුවාල ලබා ඇත.

 

මෙම ඇඟලුම් සේවකයන් තම අවම වැටුප ඇමෙරිකානු ඩොලර් 160ක අගයක් දක්වා ඉහළ දැමිය යුතුය යන ඉල්ලීම මුල් කරගෙන මෙම විරෝධතාවයේ නියැළී ඇත. කාම්බෝජයේ ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ ඇඟලුම් කර්මාන්තයයි. දැනට එරට තුළ සේවකයන් පන්ලක්ෂයක් පමණ මෙම කර්මාන්තයේ නියැළී සිටිති.

 

මුලාශ්‍රය – rivira.lk

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435