කාර්යාශයෙන් විගමණික ශ්‍රමිකයින්ට ලැබෙන ප්‍රතිලාභ ගැන විශේෂ දැනුවත් කිරීමක්!

රක්ෂණයට මුදල් ගන්නේ හාම්පුතාගෙන්
* ශ්‍රමිකයාට වෛද්‍ය ප්‍රතිකාර අනතුරු වන්දි-ප්‍රතිලාභ රැසක් රක්ෂණයෙන් හිමියි

විගමණික ශ්‍රමිකයන් රක්ෂණය කිරීම යටතේ ශ්‍රමිකයන්ගෙන් කිසිම මුදලක් අය නොකරන බවත් රක්ෂණ මුදල් අය කර ගනු ලබන්නේ ශ්‍රමිකයාගේ හාම්පුතාගෙන් පමණක් බවත් විදේශ රැකියා අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

විගමණික ශ්‍රමිකයන්ගෙන් රක්ෂණ මුදල් අය කර ගන්නා බවට පළ වෙන හා කතා බහ වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මන්ත්‍රීවරයා එකහෙළාම පැවසීය. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසට මන්ත්‍රීවරයා මෙහිදී විගමණික ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක් කළේය.

විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බව පැවසූ මන්ත්‍රීවරයා ඒ වෙනුවෙන් සෑම ශ්‍රමිකයකුටම රක්ෂණාවරණ කාඩ්පතක් හිමිවන බවත් සඳහන් කළේය. තවද රක්ෂණය පිළිබඳ දැනුම්වත් කරමින් හිමි වන ප්‍රතිලාභ සඳහන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රිත පත්‍රිකාවක් ද ලබාදෙන බවත් මන්ත්‍රීවරයා සැළ කළේය.

මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී ඊයේ (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව පවසමින් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද අවධාරණය ‍කළේය.

විදේශ රැකියා කාර්යාංශයට පිටරට සමාගම් තේරීම, ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට නොහැකිය. එම නිසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එම කටයුත්ත සිදු කරනවා. යම් සේවකයකු එතෙර සිට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් එම ගෙන්වා ගැනීම සිදුවන්නේ විදේශ රැකියා කාර්යාංශයේ අරමුදලින්. රක්ෂණ ක්‍රමයත් සමඟ එය වෙනස් වෙනවා. ශ්‍රමිකයාට වෛද්‍ය ප්‍රතිකාර, අනතුරු වන්දි යනාදි ප්‍රතිලාභ රැසක් රක්ෂණයෙන් හිමිවනවා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරු (රාජ්‍ය ව්‍යාපාර) රවී මේදිස් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. මවුබිම පුවත්පත රක්ෂණය පිළිබඳ අසත්‍ය තොරතුරු පළ කළා. කිසිම බ්‍රෝකර්වරයකු මඟින් රක්ෂණ සංස්ථාව කටයුතු කරන්නේ නෑ. වසර පනහකට වඩා ඉතිහාසයකින් හෙබි ගල්ෆ් ඉන්ෂුවරන්ස් රී ඉන්ෂුවරන්ස් නමැති සමාගම සමඟ එක්වී රක්ෂණ සංස්ථාව මේ කටයුත්ත සිදු කරනවා. ශ්‍රමිකයාගේ ත්‍රිත්ව ඒ (ට්‍රිබල් ඒ) ලබාගත් ඉතාම සාර්ථක ආයතනයක් ලෙස ගල්ෆ් ඉන්ෂුවරන්ස් ආයතනය ප්‍රසිද්ධයි. මෙම ආයතනයෙන් වන්දි මුදල් ලබාගැනීමට බාධා ඇති නොවෙයි. හොඳම ආයතනයක් සමඟ මෙම කටයුත්ත කරමින් සහාය දැක්වීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුණයි. හාම්පුතා පමණයි මුදල් ගෙවන්නේ. ශ්‍රමිකයින්ගෙන් කිසිම මුදලක් අය කර ගැනීම ස්ථිරවම සිදු නොවෙයි. මේ තුළින් අපට ලැබෙන මුදල රජයේ මහා භාණ්ඩාගාරයට බැර වෙනවා. විදේශ රැකියා කාර්යාංශයටත් මුදලක් ලැබෙනවා. ශ්‍රමිකයාටත් විශිෂ්ඨ ප්‍රතිලාභ හිමිවෙනවා. මෙම රක්ෂණාවරණය ලොව සෙසු රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ව්‍යාප්ත කිරීම අපේ අරමුණයි.

මෙම අවස්ථාවට විදේශ රැකියා කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.වී. වනසේකර, විදේශ රැකියා නියෝජ සාමාන්‍යාධිකාරී ගාමිණී යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුබසාධන) ප්‍රියන්ත වීරසේකර මහත්වරු සහ අතිරේක සාමාන්‍යාධිකාරිනි ක්‍රිෂෝලි පෙරේරා මහත්මිය සහභාගී වූහ.

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    මේකෙන් ඔබ කිව්වත් ස්‍රමිකයාගෙන් මුදල් අය නොකරන බව..ස්‍රමිකයා රක්ශන ගාස්තු නොගෙව්වොත් ගුවන් තොටුපොලෙන් පිටව යා නොහකිබව මා තරයේම කියමි.

    (0)(1)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435